දේශීය පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 26දා පොලිස්පතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක සඳහන් කළේය.

මේ අතර පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පොලිස්පතිවරයා වෙත ලැබුණු ලිපිය නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකුට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති බව ද වාර්තා වෙයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා පමණක් බව ද පවසන ජනපතිවරයා පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම් ඇතුළු අනෙක් නිලධාරීන් වගකීම් පැහැර හැර ඇති බව ද පැවසීය.

මේ අතර, ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පසුගිදා ජනාධිපතිවරයා වෙත ලිපියක් බාර දී තිබුණි.

පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදුවු ප්‍රහාර පිළබඳව 2019.04.04 වන දිනසිය බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම කො එම තොරතුරු වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දන්ඩ නීති සංග්‍රහයේ 296 හා 297 වගන්ති සමඟ කියවිය යතු අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 21 වන වගන්තිය යටතේ සාපරාධි අපරාධයක් සිදු කර ඇති බව මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More