දේශීය පුවත්

රටේ උද්ගත වී තිබෙන ප‍්‍රශ්නය විසඳීමට පිටරටින් කිසිවෙකු ගෙන ඒමට අදහස් කරන්නේ නම් එම අරමුණ මේ රටේ ආරක්‍ෂක හමුදාව හෑල්ලූවකට පත් කිරීමක් බඳු යැයි හිටපු පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා පවසයි.

මේ රටේ පැවැති කුරිරු යුද්ධය පැවැති මොහොතේ එය සම්පූර්ණයෙන්ම නැති කිරීමට අපේ ආරක්‍ෂක හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් කි‍්‍රයාකළ බව කී නිමල් ලෙව්කේ මහතා හමුදාව එම යුද්ධය මුළුමනින්ම විනාශකර දැමුවේ නම් අද උද්ගතවී තිබෙන තත්ත්වය විසඳීමට පිටරටින් කිසිවෙකු ගෙන ඒමට අවශ්‍ය නොවන බව කී නිමල් ලෙව්කේ මහතා එදා යුද්ධ සමයේදී දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පසුවූ වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවා පසුවූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ
රැකවරණ මැද්දේ බවද ඔහු පෙන්වා දෙයි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්න විසඳීමට පිටරටින් ගෙන ඒමට යුද්ධ සමයේ කි‍්‍රයා කළේ නම් අපේ හමුදා රණවිරුවාගේ ජීවිත පවා බේරා ගැනීමට හැකියාවක් තිබූ බව කී නිමල් ලෙව්කේ මහතා අපේ හමුදාව හෑල්ලූවට ලක් කිරීමක් නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More