දේශීය පුවත්

වැලිපැන්න ‘රාමියා පාර‘ ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) ගුවන් යානා නාශක උණ්ඩ 5 ක් සහ ඩෙටනේටරයක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙම ගුවන් යානා නාශක උණ්ඩ අඟල් අටක් දිග (5- 0) වර්ගයේ ඒවා බව පොලීසිය කියයි.

කිසියම් අයෙකු මේවා ගෙනැවිත් දමා ඇත්දැයි පරීක්ෂණ සිදුකරන අතර අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් පරීක්ෂාකොට ඩෙටනේටරය එය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය කියයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැලිපැන්න පොලිස් ස්ථානාධිපති විමලසිරි ගමගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක, පොලිස් බුද්ධි අංශ සැරයන් සේනාරත්න (50214), බුද්ධි අංශ පොලිස් කොස්තාපල් උපාලි(55289)යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More