දේශීය පුවත්

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා (26)  මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගෙන මියගොස් ඇති පුද්ගලයින් අතර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාළාවේ ප්‍රධාන සැලසුම්කරු වශයෙන් ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ගේ පියා සහ සහෝදරයින් දෙදෙනා ද සිටින බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

සහරාන් හෂීම් ගේ පියා වන මොහොමඩ් හෂීම් සහ සොහොයුරන් වන රිල්වාන් හා සායින් හෂීම් මෙලෙස මියගොස් ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

මෙම රිල්වාන් නැමැත්තා ආරක්ෂක අංශ විසින් සොයමින් සිටිය පුද්ගලයෙක් වන අතර ඔහු මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් පසුගියදා අනතුරු අඟවා තිබුනා.

සහරාන් හෂීම් ගේ බිරියගේ සහෝදරයෙක් වන නියාස් ෂරිෆ් විසින් මේ බව රොයිටර් පුවත් සේවයට තහවුරු කර තිබේ.

මෙම පිරිස මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමට පෙර වීඩියෝවක් ද අන්තර්ජාලයට මුදා හැර තිබුනා.
මෙම සැකකටයුතු නිවස පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ සුදානම් වූ අවස්ථාවේදී ඒ තුල විශාල පිපිරීම් තුනක් සිදුවූ අතර එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් කුඩා ළමුන් 6 දෙනෙකුද මිය ගියා.

අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තුවාල ලැබූ කාන්තාවක් හා දැරියක් හමුව ආරක්ෂක අංශ විසින් ඔවුන් රෝහල්ගතකෙරිණි. එම කාන්තාව හා දැරිය සහරාම් හෂීම්ගේ බිරිය හා දියනිය වන බවයි වාර්තාවන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More