දේශීය පුවත්

තමන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා දින දෙකක් ඇතුළත වාර්තාවක් සකස්කර තමන් වෙත බාරදෙන්න යයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අද පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේදී අද පැවැත්විණ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, මොහාන් විජේවික්‍රම, හිටපු යුද හමුදාපතිවරුන් වන දයා රත්නායක සහ ජගත් ජයසුරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ එම වාර්තාව වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා වෙත ඉදිරිපත් කරමින් තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම පියවර ගැනීමට තමන් සූදානම් බවයි.

මීට අමතරව එම සාකච්ඡාව සඳහා වාසුදේව නානයක්කාර, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More