ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ මේ බව මේ බව සඳහන් කළේය.
මෙහිදී අනන්තාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.
රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.
– ජනාධිපති මාධ්‍ය අංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...