වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත වතුයායේ සඟවා තිබු ටී 56 ගිනි අවියක්, පිස්තෝල, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි කීපයක් සොයා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වූ බව පොලිසිය පවසයි.
මෙම ගිනිඅවි තොගයේ ටී 56 ගිනි අවියක්, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි කීපයක් හා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල කීපයක් සොයා ගෙන ඇත.
අදාළ ලැක්ටෝවත්ත පොල් වතු යායේ තිබී පසුගිය ජනවාරි මාසයේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.
රට පුරා බෝම්බ පිපිරිම් වලට සම්බන්ධ අයි.එස්.අයි.එස්. සංවිධානයේ ත්‍රස්තවාදියකු බව කියන සහරාම් හසිම් නැමැත්තාගේ රියදුරකු බව කියන ත්‍රස්තයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී වනාතවිල්ලුව කරඩිපුවල් ලැක්ටෝවත්ත වතු යායේ වළ දමා තිබු මෙම ගිනිඅවි තොගය සොයා ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...