රටේ දැනට පවතින ආරක්ෂක හේතුන් මත තලවකැලේ ලිදුල නගර සභා බල ප්‍රදේශයේ බුර්කාව පැළදිම තහනම් කර ඇති බව එම නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක සේපාල මහතා කියා සිටියේ තම නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ බස් නැවතුම්පොල , තලවකැලේ ලිදුල නගර සභාව ප්‍රධාන කාර්යයාලය , පුස්තකාල , ආයුර්වේදය බෙහෙත් ශාලාව සහ නගර සභා සෞඛය ආයතනවලට බුර්කාව පැළද එම තහනම් කර ඇති බවයි.
එසේ බුර්කාව තහනම් කර තිබියදි නගර සභාවට බුර්කාව පැළද පැමිණි කාන්තාවකට එය ගලවා නගර සභාවට එන ලෙසට කල දැනුම් දිමට ඇය දැනුම් දි ඇත්තේ බුර්කාව පැළදිම තහනම් කර ඇති නියෝගය තමන් වෙත පෙන්වන ලෙසයි.
එහිදි නගරාධිපතිවරයා බුර්කාව පැළද සිටි කාන්තාවට පවසා ඇත්තේ බුර්කාව පලදින ලෙස කර ඇති නියෝගය ගමන්ට මුලින්ම පෙන්වන ලෙසයි.
බුර්කාව පැළදිම තහනම් කර ඇති මෙම නියෝගය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරායාව දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභපතිවරයා කියා සිටි.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...