දේශීය පුවත්

කළු සල්ලි සුදු කිරීමේ ජාවරමක නියැලි බවට චෝදනා ලද ශලීල් මුණසිංහ සභාපතිත්වය දැරූ, දඹර අමිල හිමිට සිතුසේ වැටුප් ගෙවූ ලිට්‍රෝ ගෑස් ආයතනය, ඉතා හදිසි තීරණයක් මත රිශාඩ් බදුර්දීන්ගේ ලඟම හිතවතෙකු වූ මොහමඩ් ෆර්දවස් ෆාරූක් වෙත ලබා දීමට මුදල් ඇමති මංගල සමරවීර තීරණය කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරය ඉතා හදිසියේ මාරු කිරීම සම්බන්ධයෙන්  ලිට්‍රෝ සේවකයන් ඉතා විමතියට පත්ව සිටීන අතර යහපාලන ආණ්ඩුව පත්වූ මොහොත් සිටම මෙම සමාගම අවභාවිතා කරන ලද ආයතනයකි.

පසුගියදා බෝම්බ සිද්ධියේදී අත් අඩංගුවට පත් ඉබ්‍රහිම් පවුල වගේම මතභේදයට තුඩු දී තිබෙන මුස්ලිම් දේශපාලකයන් සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වන මොහමඩ් ෆාරූක් ඔවුන්ට අත දිග හැර වියදම් කරන ව්‍යාපාරිකයෙක් බව විශ්වාසදායී ආරංචි මාර්ග තහවුරු කරයි.

අද වන විට රට පත් වී ඇති අති බිහිසුණු තත්ත්වය සමඟ බලන කල, ගෑස් වැනි භයානක අමුද්‍රව්‍යයක් සමඟ බැඳී තිබෙන “ලිට්‍රො ගෑස්” ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂ ධූරය, මෙවන් මතභේදාත්මක පුද්ගලයෙකුට ලබා දීම ඉතා දරුණු ඛේදවාචකයකට ඉඩ සැලසීමකැයි ලිට්‍රෝ සේවකයෝ බිය පල කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More