දේශීය පුවත්

ඉදිරියේදී ලොවපුරා “පුදුමදනවන” ප්‍රහාරයන් සිදුකරන බවත් එල්ලවූ ප්‍රහාරයන් හි අවසානය මෙය නොවන බවත් ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානය සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යලිත් වරක් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර සයින්දමරදු ප්‍රදේශයේ නිවසක් තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකර ගනිමින් මියගිය අන්තවාදී සාමාජිකයෙක් සහ ජාතික තව්හිත් ජමාත් නායක සහරාන් හෂීම් එකට ලබා ගත් ජයාරූපයක්ද මේ වන විට ISIS සංවිධානයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබෙන බවයි SITE අන්තර්ජාල බුද්ධි ඒකකය සඳහන් කරන්නේ.

පසුගිය පාස්කු ඉරිදා දින මෙරට දේවස්ථාන තුනකට සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සහ සවුදි අරාබියේ ද එදිනම IS ත්‍රස්තයින් සිදුකළ ප්‍රහාරය අබු මුකාටිල් අල් අම්රිකි ඇතුළු ප්‍රධාන පෙළේ ISIS ත්‍රස්තවාදී නායකයින් පිරිසකගේ සැලසුමකට අනුව සිදුකර ඇති බව මෙම ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාරයෙන් පසුව ගතවූ සතියක කාලය තුලදී ISIS සංවිධානය විසින් ලොවපුරා රටවල් 15ක ප්‍රහාර සිදුකර ඇති බවයි එම නිරික්ෂකයින් සඳහන් කරන්නෙ.

Neth News



One thought on ““අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි”

  1. පාසැල් කිහිපයක්ම අසල “බොරු” පාර්සල තිබිමත්, ඇමරිකානු තානාපති කාර්යාලය තම වැසියනට දරුවන් ඉවත් කර ගැනිමට කිමත් අතර සම්බන්ධයක් ඇද්ද?

    බංග්ලාදේශ අගමැතිනියගේ ප්‍රකාශයත්, සමහර දකුනු ඉන්දියානු දේසපාලකයන් ඝාතන ප්ලෑනක් ගැන කතාවත්, “පුදුමදනවන” ප්‍රහාරයන් සිදුකරන බවට කතාත් මුලු ඉන්දියානු කලාපයම තර්ජනයට ලක් කිරිමේ පෙර සුදානමක්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More