වහාම ක්‍රියාත්මක වන පරිදි රජය බුර්කාව තහනම් කළ යුතු බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.
කොළඹදී ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ අදහස් පළ කළේය.
බුර්කාව ඇඳගත්තාට පස්සේ ඇතුළේ ඉන්නේ කවුද කියන්න පුළුවන්ද? යනුවෙන් උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
ආණ්ඩුව මෙය තහනම් කිරීමට බය කුමක් නිසා ද යැයි ප්‍රශ්න කර සිටි උන්වහන්සේ බුර්කාව යොදා ගෙන සිදු කළ අපරාධ බොහෝමයක් අනාවරණය වී ඇති බව ද පැවසීය.
මේ පිළිබඳව ආණ්ඩුව ක්‍රියා නොකළ හොත් ස්වාමීන් වහන්සේලා මහ මඟට බහින්න සිදුවන බවත් ඒ තත්ත්වයට පත් නොකරන ලෙසත් උන්වහන්සේ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
We saw this monk using inflammatory language which must also be very painful to the moderate muslim community.
මේ චිවර ධාරියා කතා කරන විදියට අන්තවාදය තවත් ඇවිලෙනවා.
හාමුදුරුවරු ගෑනුන්ගේ “රෙදි ගැලවිමට” කතා කිරිම කෙතරම් පිළිකුල් සහගතද? බුර්කාව සම්බන්දව සංවාදයක් ඇති අවස්තාවක මේ කතාවෙන් වැඩක්ද නැත. ප්රන්සයේ බුර්කාව බලෙන් තහනම් කල විට
ත්රස්ත ක‍්‍රියා ඒ රටේ වැඩි වුවා මිස අඩුවුනේ නැත.
මොහු පිටුපස මේ අවස්ථාවේ සිටින්නේ කවුද?
මොහු කාදිනල් තුමාගේ ආදර්ශමත් හැසිරිම නොදුටුවාද?
මේ දුශ්ශිල මහණන් ගැන මල්වතු/අස්ගිරි නායක හිමි වරුන් මේ වෙලාවේදිවත් තදින් ක‍්‍රියා නොකරන්නේ ඇයි? ජාතියේ අවාසනාවටද?
Malwathu/Asgiri Head Monks should consider at least apologising to the Muslim community about this “රෙදි ගැලවිම” on behalf of the Buddhists in the country.