දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය මාර්තු 06 වැනිදින ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් අයැදුම ඇමෙරිකානු රජය පිළිගෙන අැති බව වාර්තා වේ.

ඒ අනුව රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කෙරුණු බව තහවුරු කරමින් ඊට අදාළ ලිපිය මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔහුට ලබා දී ඇත.

පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකාවට ගිය රාජපක්ෂ මහතා සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික ලේඛන සකස් කරගෙන පැමිණි අතර පසුව මාර්තු 06 වැනිදින ඇමෙරිකානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරමින් භාරදුන් අයැදුම මෙරට තානාපති කාර්යාලය මගින් වොෂින්ටනයේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කොට තිබිණ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා විගමන ජාතිකත්ව පනතේ 394/A5 වගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසිකර ගන්නා ආකෘතිය අනුව යමින් එම ලිපිලේඛන ඔහු භාර දී තිබේ.

ඒ අනුව රාජපක්ෂ මහතා පසුගිය මාර්තු 26 දින සිට අප්‍රේල් 12 දින දක්වා වූ කාලයේදී අමෙරිකාවට ගොස් එහි වෙසෙන තම පුතුගෙන්ද, එරට සිටින සිය හිතමිතුරන්ගෙන් සමුගෙන නැවත පැමිණ සෙසු ලිපි ලේඛන තානාපති කාර්යාලයට භාර දී ඇත.

ඒ සමගම ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් දිවුරුමක් ලබා දී සිය සන්තකයේ තිබූ ඇමෙරිකානු ගමන් බලපත්‍රයද භාර දී තිබේ.

– aruna.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More