දේශීය පුවත්

අන්තවාදි සංවිධානයක් වන තව්හිත් ජමාත් සංවිධානය විසින් ශ්‍රි ලංකාව තුළ සිදුකළ පළමු ප්‍රහාරය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදි සිදුකළ බවට වන තොරතුරු ආරක්ෂක අංශ මගින් අනාවරණය කර ගෙන තිබේ.

ඉකුත් පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්ගේ රියදුරා බව කියන පුද්ගලයා මේ බව අනාවරණය කර ඇති බවයි වාර්තාවේ.

සහරාන් හෂිම්ගේ රියදුරා කාත්තන්කුඩි ප්‍රදේශයේදි ඊයේ (27) ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

එහිදි සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදි මෙම සැකකරු හෙළිදරව් කර ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් මස 30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදි මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක රාත්‍රි සේවාමුරයේ සිටි සිංහල සහ දමිළ පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කරන ලද්දේ සහරාන් හෂිම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් බවය.

එය ශ්‍රි ලංකාව තුල සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් තව්හිත් ජමාත් සංවිධානයේ පළමු ප්‍රහාරය බව මෙහිදි ඔහු හෙළිකර සිටිය බව වාර්තාවේ.

මේ වන විට අත් අඩංගුවේ පසුවන සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදුකරමින් පවතී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More