දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් ත‍්‍රස්තවාදය පැරදවීමට කොටි ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මෙරට ආරක්්ෂක හමුදාවන්ට හැකියාව ඇති බවත් එම ත‍්‍රස්තවාදය මැඩලීමට ඇමරිකානු ත්‍ඊෂ හා බි‍්‍රතාන්‍ය ඵෂ5 විමර්ශකයන් මෙරටට වද්දා ගතහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව හා සිරියාවේ ඛේදනීය ඉරණම අත්වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පසුගියදා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ි එහි ජාතික සංවිධායක ජයන්ත සමරවිර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

ෂී හෙවත් ‘ඉස්ලාම් රාජ්‍යය’ නැමැති ත‍්‍රස්තවාදී සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපද ඔත්තු සේවය වන ක්‍ෂ් විසින් නිර්මාණය කරන ලද්දක් බවත් ඇමරිකාව එම ත‍්‍රස්තවාදී සංවිධානය හෝ එහි අනුගාමිකයන් රටවල් තුළට රිංගවා ඔවුන් ලවා ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී ක‍්‍රියා සිදු කර වූ බව මේ වන විට තහවුරු වී ඇති කරුණක් බවත් එ් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එසේම මේ කුරිරු ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයන්ට ලක්වන රටවල්වලට සහයෝගය ලබා දීමේ මුවාවෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය සිය හමුදා එවන බවත් එහි මුල් පියවර වන්නේ එම ත‍්‍රස්තවාදී ක‍්‍රියා විමර්ශනය සඳහා ත්‍ඊෂ විමර්ශකයන් එවීම බවත් සමරවීර මහතා සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදය ඛනිජ සම්පත් ඇතුළු ස්වභාවික සම්පත් බහුල හා යුදමය වශයෙන් වැදගත් ස්ානවල පිහිටි රටවලට රිංගීම සඳහා මෑත ඉතිහාසය තුළ ඉහත කී උපායමාර්ගය යොදා ගත් බවත් ඉරාකය, ලිබියාව, සිරියාව හා ඇෆ්ගනිස්තානය ඇමෙරිකා එක්සත් ජනපදයේ දඩයම් බවට පත්වූයේ එ් ආකාරයට බව ද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ෂී ත‍්‍රස්ත සංවිධානයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් උගැන්වූ කොටි ත‍්‍රස්තවාදීන් පොඩිපට්ටම් කළ අපේ වීරෝදාර ආරක්ෂක හමුදාවන්ට කිසිසේත්ම විදෙස් ආරක්ෂක හමුදා සහයෝගයක් අවශ්‍ය නැති බවටත් ඔවුන් ඉතා ඉක්මනින් මේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය පරදවනු ඇති බවටත් ජයන්ත සමරවීර මහතා විශ්වාසය පළ කළේය. කොටි ත‍්‍රස්තවාදය පැරදවීමේ සටනට නායකත්වය දුන් ඉහළ හමුදා නිලධාරීන් සහ විශිෂ්ට බුද්ධි අංශ නිලධාරින් නිසි තැන්වල ස්ථානගත කොට මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා මැඩලීමට යොදවන ලෙස සේනාධිනායකවරයා වන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි ජයන්ත සමරවිර මහතා කොටි පැරදවීමට ලබා දුන් සහයෝගය මෙම ඉස්ලාමීය ත‍්‍රස්තවාදය පැරදවීම පිණිස ද ලබාදෙන ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවට මොරටුව නාගරික මන්ත‍්‍රී සුරේෂ් ඉන්දික, බොරලැස්ගමුව නාගරික මන්තී‍්‍ර ජගත් කිත්සිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More