දේශපාලඥයන්ට මේ රටත් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන ආගමික නායකයන්ට රටේ ජනතා බලය ලබාගැනීමේ ජාතික ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන විට සාර්ථකව ආරම්භ කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.
මුළු රටේම ජනතාවගේ වුවමනාවන් ඉටුවන ආකාරයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ තවදුරටත් මේ රට විනාශ වනවා දැකීමට නොහැකි නිසා බවත් මේ වන විට ආගමික නායකයන් රැසක්ම මෙම ජාතික වැඩසටහනට කැමැත්ත පළ කර තිබෙන බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පෙන්වා දෙති.
පෙර දවස රට කරවූ රජතුමාට පුරෝහිත උපදෙස් ලබා දුන් බවත්,වර්ථමානයේදී රජු පුරෝහිතට උපදෙස් ලබාදීමට ගොස් රටට අහිතකර බොහෝ දේ සිදුවෙමින් පවතින බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.
දේශපාලනඥයන්ට ඉහලින් නිළධාරීන් සිටින යාන්ත්‍රණයක සැලැස්මක් ක්‍රියාවට නංවන වැඩසටහනක්ද ආගමික නායකයින් සකස් කරගෙන යන බවද අභයතිස්ස හිමියෝ සඳහන් කරති.
ජනතා බලය ආගමික නායකයින් වෙත ලබාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන පිළබඳ වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඉතා නුදුරු දිනයකදී සුදුසු අවස්ථාවේදී එම වැඩසටහන ක්‍රියාවට නංවන බව මහාචාර්ය අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.
කිසිඳු ජාති,ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ආගමික නායකයන් රැසක් මේ වන විට සහයෝගය ලබාදීම රටේ අනාගත බලාපොරොත්තු තැබිය හැකි තත්වයක් බවද අභයතිස්ස හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...