රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත හදිසි තත්වය සැළකිල්ලට ගනිමින් උතුරේ ආරක්ෂාව වැඩි කරන ලෙසත් ආරක්ෂක හමුදාව පළාතෙන් ඉවත් නොකරන ලෙසත් උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනි ඊල මක්කල් සුයාට්චි කලහම් පක්ෂයේ නායිකා ආනන්දි ශෂිධරන් මහත්මිය පවසයි.
උතුරේ ආරක්ෂක හමුදාව ඉවත් කරන ලෙසට පෙර අවස්ථාවලදී රජයට බලපෑම් කළද තමාගේ ඇතුළු පළාතේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවේ හා පොලිසියේ ආරක්ෂාව ශක්තිමත් කළ යුතු යැයි ද ඇය කියා සිටියාය.
රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෂිධරන් මහත්මිය මේ බව අවධාරණය කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...