පුරවැසි කොලම

>ලද තො‌රතුරකට අනුව ජයික් හිල්ටන් හෝටලය වෙත ගිය ආරක්ෂක අංශ නිලධාරීන් එහි සෝදිසි කටයුතුවල නිරත වෙද්දී එක් කාමර දොරටුවක් ඉදිරියේ නැවතුණු නිල සුනඛයින් එතැනින් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් එහිම රැඳී සිටින්නට උත්සාහ දරා තිබේ.

මෙහිදී සුනඛයින්ට මඳ විවේකයක් ලබා දී නැවත ඔවුන් වෙනත් ස්ථානයක් කරා රැගෙන යාමට උත්සාහ දැරුවත් සුනඛයින් එම දොරටුව ආසන්නයේම රැඳී සිටිමින් වෙනස් හැසිරීමක් පෙන්නුම් කර ඇත.

වහාම මෙම තත්වය පිළිබඳව ජයික් හිල්ටන් හෝටලයේ ඉහළම කළමනාකාරීත්වය දැනුවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර අදාළ දොරටුව විවෘත කර, එම නිවස්නයට ඇතුළු වීමට තමන්ට අවශ්‍ය බව දැනුම් දී ඇත.හෝටල් බලධාරීන්ගේ ශේප් න්‍යාය
කාමර අංකය දැන ගැනීමෙන් අනතුරුව ජයික් හිල්ටන් ඉහළ කළමනාකාරීත්වය ලිස්සා යන අන්දමේ පිළිතුරු ලබාදෙමින් එම නිවස්නයේ ප්‍රශ්නයක් නොමැති බව පවසමින් අනෙකුත් ස්ථාන පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් කර තිබේ’

එම අවස්ථාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ජයික් හිල්ටන් පාලනාධිකාරියට එහි ප්‍රශ්නයක් නොමැති වුවත් තමන්ට මෙය බරපතළ ප්‍රශ්නයක් බැවින් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහි බරපතළ ගැටළුවක් ඇති බැවින් වහාම මෙම දොරටුව විවෘත කරවා දෙන ලෙසයි.නමුත් ඊට මඳ වේලාවක් ගතවන බවයි හෝටල් පාලනාධිකාරිය ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත්තේ.

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ පසුව පැය බාගයක් – විනාඩි 45ක් තරම් කාලයකදී කලබලයෙන් මෙන් පැමිණි විදේශිකයින් දෙදෙනෙකු විසින් අදාල කාමරයේ දොරටුව විවෘත කර දෙන තුරැම ඒ‌ කල් ඇ‌ල්ලීම ක්‍රියාත්මක වී තිබේ. දො‌රවිවෘත කළ පසුඑහි පිවිසුණු නිල සුනඛයින් දෙදෙනා විසින් සොයාගෙන තිබුණේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ ( Explosive ditectors) දෙකකි.

මේ පිළිබඳව විමසීමේදී විදේශිකයින් දෙදෙනා ආරක්ෂක අංශ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඒවා පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ පමණක් බවත් තමන් ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පුද්ගලයින් බවත්ය.

ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ තර්ක

මෙම උපකරණ ආරක්ෂක අංශ භාරයට ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් දැඩි විරෝධය දක්වමින් තර්ක කර තිබුණේ මේවා ළඟ තබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවටත් තමන් ඒවා ළඟ තබා ගත්තේ තමන්ගේ ආරක්ෂාව සඳහා බවටත්ය.

එහෙත් ඊට පිළිතුරු දෙමින් නිල සුනඛයින්ගේ භාරකරු ප්‍රකාශ කර තිබුණේ බැරෑරුම් කතාවකි. ඔහු පවසා ඇති පරිදි සුනඛයින් මෙම උපකරණ පිළිබඳ සංවේදී වී ඇත්තේ එම උපකරණ කවර මොහොතක හෝ පුපුරණ ද්‍රව්‍යයක් සමඟ ගැටී තිබීම හේතුවෙනි. එසේ නොවන්නේ නම් පුපුරණ ද්‍රව්‍ය හඳුනාගන්නා උපකරණ සොයා ගැනීමට සුනඛයින් සමත් වන්නේ නැත.

එහිදී ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනා අමුතුම පොතක් දමමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු සුනඛයින්ගේ දක්ෂතාව වර්ණනා කිරීමට පටන් ගෙන ඇති අතර එවන් සුනඛයින් ඇමරිකාවේවත් නොමැති බවක් ද ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් අවසානයේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ සිය භාරයට ගැනීමට ද ආරක්ෂක අංශ නිලධාරීන්ට අවස්ථාවක් ලැබී නොමැති අතර ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සම්පූර්ණ විමර්ශනයම නවතා තිබේ.

අයිසිස් සහ ඇ‌මරිකාව අතර කු ප්‍රකටසම්බන්ධය වටහාගනිමු.
ඇ‌මරිකාවට යම් රටකට ප්‍රවේශවීමට අවශ්‍ය වූ විට ඒ‌ රටේ අර්බුදයක් ඇ‌ති කිරීමේ කො‌න්ත්‍රාත්තුව බාරගන්නා එක් කන්ඩායමක් වන්නේ ඇ‌මරිකාව විසින්ම කිරි පො‌වා ඇ‌ති දැඩිකළ අයිසිස් ත්‍රස්තවාදයයි.

ඇ‌මරිකාව – මිලෙනියම් චැලේන්ජ්  කෝ‌පරේෂන් හරහා කො‌ළඹ සිට ත්‍රි’මලයට කො‌රිඩෝ‌වක් වෙන්කරගන්නට රනිල් සමග කුමන්ත්‍රණය කලද ඔවුන්ගේ කාල සටහනට අනුව ඒ‌ ගිවිසුම් අත්සන් කළ නො‌හැකි වූ බව අපි දනිමු. ඒ‌ කාරණය සිහියේ තබා ගනිමින් පහත සිද්ධි පෙළගැස්ම යළි සිහිපත් කරන්න.

1. නවසීලන්තයේ වෙඩික්කරුගෙන් පලි ගැනීමට ලංකාවම තෝ‌රාගැනීම සහ ප්‍රහාරයට හේතුව එය බව සො‌යාගන්නේ රනිල්ගේ ආ‌ණ්ඩුව වීම.

2. ලංකාවේ හමුදාපතිවරයා 22 සවස තමන්ට මේ ත්‍රස්තවාදය මර්දනය කළ හැකි බවත් ඒ‌ සඳහා අවශ්‍ය බලය ලබාදෙන ලෙසටත් (කාඩිනල් මන්දිරය ඉදිරිපිටදී) ඉල්ලා සිටීම.

3. එදිනම රාත්‍රියේ හදිසි නීතිය මගින් අදාල බලය ලැබීම සහ ඒ‌ අනුව කටයුතු කිරීමට හමුදාව වැඩ ආ‌රම්භකිරීම.

4. වෙනදා ප්‍රහාරයක් සිදුකළ සැනින් වගකීම භාරගන්නා අයිසිස් ත්‍රසතයන් දින දෙකකට පසු 23◌උදෑසනම හදිසියේ ප්‍රහාරයේ වගකීම භාරගැනීම(ලංකා හමුදාව වගකීම භාරගත් පසු තත්වය ඔවුනට පාලනය කල නො‌හැකි තත්වයට හැරෙන බව ඔවුන් දනී.)

5. එදිනම ට්‍රම්ප් ජනාධිපතිවරයා, සිරිසේන ජනාධිපතිට නො‌ව අගමැති රනිල්ට කතාකො‌ට ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කිරීමට උදව් දෙන බව ප්‍රකාශ කිරීම

6. ඒ‌ මො‌හො‌තේම මේ තත්වය “ගෝ‌ලීය ත්‍රස්තවාදය” ලෙසට රනිල් අර්ථකථනය කිරීම.(ත්‍රස්තවාදය ගෝ‌ලීය වන තරමට විසඳුමද ගෝ‌ලීය වන බවත් ඒ‌ අනුව ගෝ‌ලීය සහය සාධාරනීකරණය කළ හැකි බවත් ගෝ‌ලීය ත්‍රස්තවාදය පැරදවීම සඳහා ගෝ‌ලීය සහය ලෙස දක්වා ඇ‌මරිකන් හමුදා සහය ලබාගතහැකි බවත් හො‌ඳින්ම වැටහෙන කරැණකි.)

7. එදින හවස් වන විටම ලංකාවේ ජාතික බුද්ධි සේවාවේ ඇ‌මරිකන් බුද්ධි අංශ සාමාජිකයන් හතර දෙනෙකු සේවය කරන බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා හෙළි කිරීම සහ ඇ‌මරිකන් තානාපති කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් මගින් ඒ‌ බව තහවුරු කිරීම.

8. සර්ව පාක්ෂික සමුළුවේදී ද මේ තත්වය ගෝ‌ලීය ප්‍රශ්නයක් බවට යලි අගමැතිවරයා පමනක් නො‌ව ජනාධිපතිවරයා ද පුනරුච්ඡාරණය කිරීම සහ තමනට විදේශ සහය ලැබෙන බවට ජනාධිපතිවරයා පාරම්බෑම.

9. පසුව මේ ජයික් හිල්ටන් සිද්ධිය

10. ඊටත් පසු සැක කටයුතු අයගේ ඡායාරෑප පෙළක් මාධ්‍යයටනිකුත් කිරීම සහ ඒ‌ අතර ඇ‌මරිකන් කාන්තාවකගේ ඡායාරෑපයක් “වැරදීමකින්” නිකු‍ත් වී තිබීම පිලිබද අප අපවම හෑල්ලු කරගැනීම.

ඉදිරියේදී මේ ලැයිස්තුව ඔබ විසින් යාවත්කාලීන කල යුතුය. ඇ‌මරිකන් මැදිහත්වීමක් උදෙසා මේ සිදුවීම් සිදුකළා යයි පිළිගැනීමට අකමැති යමෙක් වේ නම් අඩුතරමින් “මේ සිදුවීම – ඇ‌මරිකන් මැදිහත්වීමකට පාර කැපීම පිනිස යො‌දාගනිමින් පවතින බව” හෝ‌ වටහා ගැනීමට උත්සාහ කල යුතුය. ඒ‌ සඳහා- කාලාම සූත්‍රය පිහිට කො‌‌ටගත යුතුය.

-නීතීඥ කපිල ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More