දේශීය පුවත්

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු වන මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ පවසයි. ෂැංගි‍්‍රලා හෝටලයේ ප‍්‍රහාරයට ඔහු බෝම්බකරුවෙකු ලෙස පැමිණි බව මීට පෙර වාර්තා වුණි. එහෙත්, බෝම්බකරුගේ ඡායාරූප සහ මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් අතර සමානකමක් නොමැති බව දැන් අනාවරණ වී තිබේ.

මීට පෙර මාවනැල්ල ප‍්‍රදේශයේදී සිදුවූ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධීන්ටද මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබී ඇත. තවත් දෙදෙනෙකු ඊට සම්බන්ධ වී ඇතැයිද ඔවුන් සහෝදරයන් බවටද තොරතුරු ලැබී තිබේ. ඒ, 27 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ් සහ 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන අයයි. ඔවුන් දෙදෙනාද තවමත් නිදැල්ලේ සිටින බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

සැකකාර මෙම සහෝදරයන් දෙදෙනාගේ පියා රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රායීම් නමැති මවුලවිවරයෙක් බවටද තොරතුරු ලැබී තිබේ. මාවනැල්ලේ පිහිටි නිවසක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මීට මාස කිහිපයකට පෙර පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණි. මෙම මවුලවීවරයා ඉස්ලාමීය අන්තවාදී වහාබ් දේශනද සිදු කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත.

මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි විසින් කෑගල්ල සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දී ඇත්තේ මෙම මවුලවිවරයාගේ අන්තවාදී අදහස් ඇති පුත‍්‍රයන් දෙදෙනා පොලීසිය වෙත භාර දෙන බවය. කෙසේවෙතත් මවුලවිවරයා විසින් ඔවුන් දෙදෙනා පොලීසිය වෙත භාරදෙනු ඇතැයි ආණ්ඩුකාරවරයා පසුව ප‍්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More