රට තුළ ක‍්‍රියාත්මක අන්තවාදී ක‍්‍රියාවන් පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ සියලූම බලතල ශ‍්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත.
ඒ අනුව පෙරේදා (24 වැනිදා) මධ්‍යම රාත‍්‍රියේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ බළකා, කමාන්ඩෝ ඇතුළු සියලූ බළකායන්ට අයත් හමුදා සාමාජිකයන් දසදහසකට අධික පිරිසක් විශේෂ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු ඊයේ (25 වැනිදා* ‘දිවයින’ට පැවසීය.
මේ යටතේ සෝදිසි කිරීම, රඳවා ගැනීම, කිසිදු පුද්ගලයකු වරෙන්තු නොකොට අත්අඩංගුවට ගැනීම ඇතුළු බලතල මෙසේ යුද හමුදාවට පවරා තිබේ.
සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන ආරක්‍ෂක ආඥාපනතේ 3 වන කොටසේ 12 වැනි වගන්තිය යටතේ 2019/04/22 වැනි දින ප‍්‍රකාශයට පත් කළ අංක 2120/04 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයට අනුව යුද හමුදාවට එම බලය පවරා ඇත.
එසේම 20 (01) වගන්තිය යටතේ කිසියම් වරදකරුවකු හෝ සැකකටයුතු ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ බලයද යුද හමුදාවට පවරා තිබේ.
20 (02) වගන්තිය යටතේ සන්නද්ධ හමුදා සාමාජිකයන් මගින් රඳවා ගෙන සිටින ඕනෑම කෙනකු පැය 24 ක කාලයක් ඇතුළත ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ළඟම පොලිස් ස්ථානයට භාරදිය යුතු අතර, මෙම රෙගුලාසියේ (1) ෙඡ්දය යටතේ ඕනෑම ස්ථානයක වාහනයක්, යාත‍්‍රාවක් සෝදිසි කිරීමට ද, එහි තුළ සිටින පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කිරීමට ද අවසරය ලබාදී ඇත.
මීට අමතරව බන්ධනාගාර ආඥා පනතේ 77 (05) වගන්තියට අනුව පොලිස් නිලධාරියකු වෙත පවරා ඇති සියලූ බලතල හා අයිතිවාසිකම් යුද, නාවික හා ගුවන් හමුදාවේ සියලූ නිලධාරීන්ට සහ කොමිෂන් නොලත් නිලධාරීන්ට 24 වැනි රෙගුලාසිය යටතේ ලබාදී තිබේ.
ඒ අනුව සේනාධිනායක ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් මත යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මඟපෙන්වීම මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...