දේශීය පුවත්

බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේ අබ්දුල්ලා නමින් පදිංචිව සිටි මේ වනවිට කොඩිතුවක්කු ආරච්චිලාගේ රුවන් වීරසිංහ නමින් පෙනී සිටින 30 හැවිරිදි අඹන්වත්ත ,රජවැල්ල ලිපිනයේ පදිංචි අයෙකු සහ පන්විලහේන ,වේයන්ගල්ල ,අගලවත්ත ලිපිනයේ පදිංචි අබ්දුල් රහීම් මොහොමඩ් ෆයිසර් නමැති 39 හැවිරිදි අයෙකි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිසියම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට අයත් බවට පොලිසිය සැකකරන අතර මොවුන් විසින් බේරුවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් වන බුහාරි පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුමක් තිබෙන බවට මොවුන් විසින් කරන ලද ප්‍රකාශයක් අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

සිංහල නමින් පෙනීසිටින පුද්ගලයා තමා සිංහල නමින් පෙනී සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත්කිරීමට අපොහොසත්වී ඇති අතර ඔහු දිගන ප්‍රදේශයෙන් පැමිණ වේයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරුගේ නිවසේ නැවතී සිට ඇත.



2 thoughts on “බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට”

  1. It seems like the rabble-rousers on the rise. Is this the next part of the master-mind plan?

    තැන තැන බොරු පාර්සල/කුප්පි බෝම්බ තබන්නේ කවුද?
    උදාහරණ ලෙස
    1. ගම්පහ/පුගොඩ හිස් ඉඩමේ පිපිරිම. ඒ අවට සිට පොලිසියට තදින් කතා කරමින් අකමැත්තෙන් පසුබැස ගිය තරුන පිරිසත් සැක කටයුතු අයද?.

    2. බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැක කරන සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයා කාගේ උවමනාවට ආවාද?.

    මේ අය මේ අවස්තාවට යොදා ගැනිමට කලින් සැලසුම් කරන ලද ‘ජාති-ආගම් බේද නැති කුඩු මාෆියා’ සාමාජිකයින් හෝ ඔවුන්ගේ
    උපදෙස් සල්ලී වලට කරන්නන්ද? බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ආ පුද්ගලයාට තමා සිංහල නමින් පෙනී සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත්කිරීමට අපොහොසත්වී ඇත්තේ ඒ නිසාද?

    මහජනයා මෙවැනි උපායන් ගැන දැනුවත් විය යුතුයි.
    තවත් “83 කලූ ජූලීය”ක් අවැසී දේශීය සහ වීදේශීය කන්ඩායම්/බලවේග සිටින බව පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More