දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණවිරුවන් ශක්තිමත් කර එම අන්තවාදය මැඞීමට රජය පියවර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

ඇමෙරිකානු එෆ්.බී.අයි, එම්.අයි 5 වැනි ආරක්‍ෂක අංශ මෙරටට පැමිණීම තුළින් ශ්‍රී ලංකාව සිරියාවක්, ලිබියාවක් හෝ ඇෆ්ඝනිස්ථානයක් විය හැකි බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පැවති සමයේ ශ්‍රී ලංකාවට සහය නොදුන් ඇමෙරිකාව දැන් සහය දක්වන්නට යාමේ යටි අරමුණ වටහාගත යුතු බවද සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදය වූ කොටි ත‍්‍රස්තවාදය පරාජය කළේ මෙරට හමුදාවන් මිස එෆ්.බී.අයි නොවන බැවින් ඇමෙරිකානු ආරක්‍ෂක අංශවල අවශ්‍යතාවක් මෙරටට නොමැති බවද හෙතෙම පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More