ව්‍යාපාරික පුවත්

පසුගියදා දිවයිනේ ස්ථාන කිහිපයකටම එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයන් හමුවේ මෙම වසර තුළ පුරෝකථනය කරන ලද සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.5 කින් පමණ අඩුවිය හැකි බව සංචාරක කර්මාන්තකරුවන් පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා, Daily FT පුවත්පත වෙත පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදීන් විසින් මෙරට හෝටල්වල සිටින සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදුකළ පළමු අවස්ථාව බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් 2019 වසර තුළ ඇස්තමේන්තු කරන ලද සංචාරක ආදායම ඩොලර් බිලියන 1.5 කින් පමණ දැවැන්ත ලෙස පහළ යා හැකි බවට ඇස්තමේන්තු කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් ගලා එන තෙවැනි ස්ථානයට විශාලතම මූලාශ්‍රය වන්නේ සංචාරක කර්මාන්තයයි. 2018 වසරේ දී සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම ඩොලර් බිලියන 4.4 ක් වන අතර එය 2017 වසරට වඩා 11.6% ක ඉහළ යාමක් ලෙසින් සටහන් වේ.

2019 දී ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක ගමනාන්තයක් ලෙසින් Lonely Planet විසින් නම් කරනු ලැබූ අතර මෙම වසරේ දී මිලියන 3 ක සංචාරකයින් ප්‍රමාණයක් හා ඩොලර් බිලියන 5 ක සංචාරක ආදායමක් වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරන ලදී.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට අනුව දිවයිනේ සියලූම සංචාරක හෝටල්වල 135,000 සිට 150,000 ක් දක්වා පිරිසක් සෘජුව සේවය කරනු ලබන බව වාර්තා වේ.

“මේ ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ හෝටල්කරුවන්ට මූල්‍යමය සහන ලබා දීමට පියවර ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. අපට අප සේවකයින්ගේ ජීවිකාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එය මහත් රුකුලක් වනු ඇත“යි යනුවෙන් උක්වත්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More