දේශීය පුවත්

වවුනියාව නගරයේ තාණ්ඩිකුලමේ ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය රැදී පැවති වළක් පිරිසිදු කිරීමට ගිය වවුනියාව නගර සභා සේවකයින් සිව් දෙනෙකු විෂ වායුව ආඝ්‍රාහණය වීමෙන් අද(25) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ වවුනියාව ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වවුනියාව නගර සභාවට අයත් ගව ඝාතකාගාරය ටෙන්ටර් පදනම ලබාදෙන පවත්වාගෙන ගොස් ඇති අතර,අදාළ ගව ඝාතකාගාරයේ අපද්‍රව්‍ය වළක් අද(25) දහවල් වවුනියාව නගර සභා සේවකයින් විසින් පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ අනතුරට භාජනය වී ඇති බවයි.

අදාළ අනතුරින් වවුනියාව නගර සභාවට අයත් වයස අවුරුදු 28 ත් 42 ත් අතර නගර සභා සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ මියගිය පිරිසගේ මළ සිරුරු වවුනියාව රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More