දේශීය පුවත්

ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් මුස්ලිම් පල්ලි ඉල්ක්ක කර ගත් ප්‍රහාර එල්ල කිරිමේ සූදානම් ඇතැයි පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.

පාස්කු ඉරිදා දිනයේදි ඔවුන් විසින් ක්‍රියාත්මක කළ ප්‍රහාර මාලාවට සම්බන්ධව මෙම ප්‍රහාර දියත් කිරිමේ සූදානමක් පවතින බව පොලිස්පති නිල කාර්යාලය විසින් විවිධ පොලිස් කොට්ඨාසවලට දන්වා තිබේ.

කුප්පු පල්ලි නොහොත් අවුලියා පල්ලි (මියගොස් සිටින මුස්ලිම් ආගමික නායකයන්ගේ සොහොන් මුල්කර ගනිමින් ඇඳහීම් සිදුකරන මුස්ලිම් පල්ලි) ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කිරීමේ සූදානමක් ඇතැයි පැවැසේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසත් එක් එක් කොට්ඨාසවලට අනියුක්ත සියලුම ප්‍රභූවරුන් දැනුවත් කිරීමත්, ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ආරක්ෂක විධිවිධාන යෙදවීමට කඩිනම් පියවර ගන්නා ලෙස දන්වා ඇතැයිද පොලිස්පති නිල කාර්යාලය යොමුකළ ලිපියක දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More