දේශීය පුවත්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතාව පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය ආණ්ඩුවේ විරෝධතාව හේතුවෙන් වෙනස් කර ඇති බව වාර්තා වේ.

 

දයා රත්නායක මහතාව අදාළ තනතුරට පත් කිරීම සඳහා පත්වීම් ලිපිය පවා සකස් කර තිබී ඇත.

එහෙත් ආණ්ඩු පක්ෂය මීට දැඩි විරෝධයක් පළ කිරීමේ මූලික හේතුව වී ඇත්තේ දයා රත්නායක මහතා මීළඟ මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගවැදීමේ සූදානමින් පසුවීමයි.

අනාගත පෞද්ගලික දේශපාලන අරමුණු සහිතව දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසින් කටයුතු කරන දයා රත්නායක මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වැනි තීරණාත්මක පරිපාලන තනතුරකට පත් කිරීම නුසුදුසු බව ආණ්ඩුව විසින් පෙන්වා දී තිබේ.

එසේම මයික්‍රෆෝනයක් ලැබුණු සැණින් මයික් ටයිසන් කෙනෙකු මෙන් ආවේගශීලී ලෙස අදහස් දක්වන්නෙකු වන දයා රත්නායක මහතාව මෙම තනතුරට පත් කළහොත් ඔහු විසින් තත්වය සමනය කිරීමට වඩා එය තවත් අවුල් සහගත තැනකට ගෙනයා හැකි බව ද ආණ්ඩුව විසින් පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අකැමැත්තෙන් වුවත් මෙම පත් කිරීම පිළිබඳ තීරණය හකුළාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තනතුර භාරගන්නා ලෙස හිටපු පොලිස්පතිවරයෙකුගෙන් ද ඉල්ලීමක් කර ඇතත් ඔහුත් එයට එකඟ වී නොමැති බවත් වාර්තා වේ.

එහෙයින් ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් පැය 24ක් තුළ වෙනස් කරන බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළත් පැය 24 ඉක්ම යද්දීත් කිසිවකු ඉවත් කිරීමට හෝ අලුතින් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබී නැත.

LNW



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More