පාස්කු ඉරිදා ක්‍රිස්තියානි දේවස්ථාන වල හා සංචාරක හෝටල් වලට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයයට එරෙහිව කඩිනමින් නඩු පැවරරීමට ක්‍රියා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 5(අ) සහ (ආ) වගන්තිය යටතේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලැබී තිබෙන තොරතුරු සැලවීම, එම තොරතුරු හෙළිදරව් නොකිරීම, එම තොරතුරු අදාල ආරක්ෂක අංශ වෙත දැනුම් නොදීම බරපතළ වරදක් බවත් එවැනි බරපතළ වරදකට අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් බවට පත් වුවහොත් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමජයන්ත් මහතා පවසයි.
ඒ අනුව මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන කල් ඇතිව ආරක්ෂක අංශ මඟින් දැනුම් දී තිබියදී එය නොදන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් තමන් මේ සිද්ධිය දන්නා බව කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කිරීම තුළින් ආණ්ඩුව මෙම සිද්ධිය ගැන කල් ඇතිව දැනුවත්ව සිටි බවට සාක්ෂි ඕනෑතරම් තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...