දේශීය පුවත්

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡයාරූප මාධ්‍යයට නිකුත්ව තිබේ.

මෙහි වමේ ඡායාරූපයේ සිටින්නේ ඉස්සාෆ් ඉබ‍්‍රහීම් වන අතර දකුණේ ඡායාරූපයේ සිටින්නේ ඉල්හාම් ඉබ‍්‍රාහීම් වේ.

ඉල්හාම් ෂැන්ග‍්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරවා ගත් අතර ඉස්සාෆ් සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී සිය බෝම්බය පුපුරුවා ගත්තේය. මොවුන්ගේ ප‍්‍රහාරවලින් විදේශිකයන් 41 දෙනකු මරණයට පත්විණ. එයට බි‍්‍රතාන්‍ය ජාතිකයන් අටදෙනකු ඇතුළත් ය.

මොවුන්ගේ දෙමටගොඩ නිවස පොලිසිය සෝදිසි කිරීමේදී ඉල්හාම්ගේ ගැබිනි බිරිය බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසාගත් අතර එහිදී ඇගේ දරු තිදෙනා ද මරුමුවට පත්විය.

මේ අතර මෙම  බෝම්බ පිපිරීමේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙරට ප්‍රධාන පෙලේ කුලු බඩු අපනයනය ව්‍යයාපාරිකයෙකු වන කොළඹ 13, පරන යෝන් විදීයේ ‘ඊෂාන ස්පයිසස් එක්ස්පෝර්ට්ස්’ සභාපති මොහොමඩ් ඊබ්‍රාහිම් සම්බන්දයෙන් තොරතුරු ගණනාවක් එංගලන්තයේ ඩේලි මේල් වෙබ් අඩවිය පල කර ඇත.

ඔහුගේ පුතුන් දෙදෙනා එනම් කොළඹ මරාගෙන මැරෙන බෝම්බ මාලාවේ මහ මොලකරු ලෙස සැලකෙන වයස 33ක් වූ ‘ඉම්සාත් අහමඩ් ඊබ්‍රාහිම්’ හා වයස 33ක් වූ ‘ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්’ ගැනද එම වාර්තාවේ විස්තර සදහන්ය.

මොවුන් ඉතා ධනවත් පුද්ගලයන් වන අතර කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ නැවති සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේය.

කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලයින් ඇසුරු කල මෙම පවුල පසුගිය 2016 රාජ්‍ය අපනයනය සම්මාන උලෙළේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා අතින් සම්මානයක් මොහොමඩ් ඊබ්‍රාහිම් ලබා ගන්නා අයුරු පින්තූරයක්ද එහි පල කර තිබේ.

එම අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බයේ මහා මොලකරු ‘ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම්’ ඒ අසල යුරෝපා ඇදුම් සහිතව සිටගෙන සිටී.

යොමුව මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More