මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය.
එහිදී ඉස්ලාම් අන්තවාදය දැඩි ලෙස විවේචනය කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ කතාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල වුනි.
මෙහිදි පාර්ලිමේන්තුව ඇමතූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙරට ඉතා භයානක ඉස්ලාම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බවයි. මෙරට ක්‍රියාත්මක “මද්‍රසා” නම් ඉස්ලාම් පාසල් පිළිබඳව පැවසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම පාසල් තුල කුඩා දරුවන් පවා අන්තවාදයට යොමු කරන පුහුණුවිම් සහ ඉගැන්වීම් සිදුවන බව පැවසීය.
මෙම ව්‍යාපෘති සදහා අරාබි රටවල් වලින් මුදල් පොම්ප කෙරෙන බවත්, මෙරට දේශපාලඥයන් පිරිසක් එම ව්‍යාපෘති මෙහෙයවන බවටත් විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදි චෝදනා කර සිටියා. එහිදි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදි අත්අඩංගුවට ගත් මොහොමඩ් ඉබ්‍රහීම්, රිෂාඩ් බදියුදීන්ට ඇති ඥාතීත්වයද ප්‍රශ්න කර සිටියේය.
විවිධ ජාතීන්ට වෙනස් නීති ක්‍රියාත්මක වීමද වහා නවතා දැමිය යුතු බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නා. රටේ සියලූම ජන කොටස්වලට එක් නීතියක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
තවද මෙම ඉස්ලාම් ත්‍රස්තයන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ වලට බාධා කළේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, බුජිබර් රහුමාන් ආදි මුස්ලිම් දේශපාලකයන් වන බවටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි චෝදනා කර සිටි අතර එම දේශපාලකයන්ගෙන් තවමත් ප්‍රශ්න කිරීමට රජය කටයුතු කර නොමැති බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට මෙම අන්තවාදය අවශ්‍ය නොවන බව කී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අන්තවාදය මුස්ලිම් දේශපාලකයන් විසින් ඔවුන් පිට බලෙන් පැටවූ එකක් බවත් කියා සිටියේය.
මෙම අන්තවාදය පරාජය කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ සදහා සිය දේශපාලන කඳවුරේ පූර්ණ සහය ලබා දෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...