පුරවැසි කොලම

 

දෙවන ලෝක යුද්ධයේ අමිහිරි අත්දැකීම් සමඟ පශ්චාත් දෙවන ලෝක යුධ තත්වය සාපේක්ෂව මුළු ලෝකය පුරාම මානවවාදී හා වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය. ජාතීන් අතර සාමය මෙන්ම ආගම් අතර සංහිඳියාවන්ටද ලෝකය පුරා මුල් තැන හිමි විය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියද ධනවාදී හා සමාජවාදී කඳවුරට අමතරව නොබැඳි ජාතීන්ගේ ස්වාධීන පිළිවෙතද ලෝකය පුරා ගරු කටයුතු තත්වයක් වූ අතර සියළු රටවල් ඊට සමගාමීව අඩු වැඩි වශයෙන් තම පාලන තන්ත්‍රයන් පවත්වාගෙන ගියහ.

ඒ තුල ස්ත්‍රී අයිතිවාසිකම්, ඇදහීමේ හා විශ්වාස කිරීමේ අයිතිය මානව අයිතිවාසිකම් මෙන්ම ළමා අයිතිවාසිකම්ද ඉදිරියෙන් සිටි අතර බහුවාර්ගික හා බහු ආගමික සමාජය තුල එකිනෙකාගේ ඇදහීම් හා විශ්වාස කිරීමේ අයිතියට එකිනෙකා ගරු කලහ. ඒ තුල ලෝකය බොහෝ සාමකාමී වූ අතර කුඩා හා මධ්‍යම ප්‍රමාණයන්ගේ රාජ්‍යයන්ද තමාට හැකි අයුරින් ආර්ථික වර්ධනයන් ලඟා කර ගැනීමටද ඒ ඒ සංස්කෘතීන්ට අනුව ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටද යම්තාක් දුරකට හැකියාව ඇති විය.

ඒ තුල නිදහස් මතවාදයන් අගය කල අතර ආසියාවද, අප්‍රිකාවද, මැදපෙරදිගද, මධ්‍යම ආසියාවද, ඈත පෙරදිගද, දකුණු ආසියාවද, නව ලිබරල් අධිරාජ්‍යවාදය තුල වුවද සාපේක්ෂ ස්වාධීනත්වයක් හා සාපේක්ෂ සමාජ හා ආර්ථික වර්ධනයක් වෙත ලඟා වී සිටියහ. ඉරාණය, ඉරාකය, ලිබියාව, සිරියාව වැනි මැදපෙරදිග මුස්ලිම් රටවල් වඩා ස්වධීන හා ලිබරල් මුහුණුවරකින් සමාජවාදී සමාජයක ලක්ෂනද සහිතව ලෝකයේ දියුණු වන රටවලින් ඉදිරියෙන්ම සිටියේය. ශ්‍රී ලංකාව පිලිපීනය, වැනි නිදහස් රටවල්ද මුස්ලිම් වූ ඉන්දුනීසියාව, බංග්ලාදේශය, හා පාකිස්ථානයද මෙම ස්වාධීනත්වය තුල ඉදිරියට ගමන් ගත් රටවල් විය.

වහාබ් වාදයේ ආරම්භය

ඒ කෙසේ වුවද මුස්ලිම් රටවල මෙම ස්වාධීනත්වයට හා නිදහස් මතවාදයට පක්ෂව හා එරෙහිව ප්‍රධාන වශයෙන් කඳවුරු දෙකක් බවට සුන්නි හා සියා වශයෙන් බෙදී සිටියහ. සියාවරුන් වඩා සාමකාමී හා අනෙකුත් ජාතීන්ටද තම නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ගමන් ඉස්ලාම් ආධිපත්‍ය පවත්වාගෙන යන ජාතීන් වූ අතර සුන්නිවරුන් වඩා මූලධර්ම වාදී වූ ඉස්ලාම් දහම පමණක් ලෝකයේ පැවතිය යුතු යැයිද අදහන හා එයට විරුද්ධ මතවාදයක් හෝ ඇදහීමක් යනු මරණීය වරදක් ලෙස සළකන අන්ත මූලධර්ම වාදීන් වන අතර එය ෆැසිස්ට්වාදයටද වඩා අන්තගාමී ඇදහීමක් වන්නේය. මෙය වහාබ් වාදය වශයෙන්ද හඳුන්වන අතර එය මධ්‍යකාලීන යුගයේ පැවති මධ්‍යස්ථ ඉස්ලාම් වාදය පරදා උපන් අන්තවාදයක් විය. එය 8 වන ශතවර්ෂය තුල වහබ් වාදයේ ආරම්භය ” මුහම්මද් ඉබ්න් අඩ්බ් අල් වහබ් ” විසින් පෝෂණය කර පතුරුවා හරින ලද ඉස්ලාමය පිරිසිදු කිරීමේ ශුද්ධ වූ යුද්ධය හා ඔහු විසින් ගුරුකොට ගත් ඉස්ලාමයට නව අර්ථකතනයක් දුන් ” ඉබ්න් ටයිමියාහ් ”  (1263 – 1328 ) ගේ න්‍යාය විය. ටයිමියාහ් ගේ න්‍යායයට අනුව සර්ව බලධාරී අල්ලාහ් ගැන අවිශ්වාස කිරීම හෝ කුමණ ආකාරයේ ශාස්ත්‍රීය ප්‍රශ්ණ කිරීමකට වුවද විරුද්ධ විය යුතුය.එයට විරුද්ධව කුමණ ආකාරයේ හෝ බිහිසුණු ක්‍රියාවක් යුක්ති යුක්ත කිරීම මෙහි මූලිකාංගය විය.

මධ්‍යකාලීන මුස්ලිම් සමාජය තුල වුවද මෙය එතරම් ප්‍රචලිත නොවුනද 1744 දී සෞදි අරාබිය බිහි වීමේදී එහි පලමු එමීර් වරයා වූ “අල් දිරියාහ් හී එමීර් ඉබ්න් සවුද්” සමඟ ඇති කර ගත් ගිවිසුමකට අනුව එය රාජ්‍ය අනුග්‍රහය මත ප්‍රචලිත කිරීමට හැකි වූ අතර මුස්ලිම් ලෝකය වඩා අන්තගාමී සුන්නි හා මධ්‍යස්ථ මතධාරී සියා ලෙස එකිනෙකා මරා ගන්නා කල්ලි දෙකකට වෙන් විය. සෞදිය බිහිවීමේදී ඇති වූ මෙම ගිවිසුම නොවන්නට මුස්ලිම් ලෝකය මෙයට වඩා ප්‍රගතිශීලී වන අතර වහබ් වාදය ඉතිහාස පොතේ වචනයක් පමණක් වන්නේය. වහබ් යනු සුන්නි මුස්ලිම් වරුන් අතරද අන්තවාදී කොටසයි. එහෙත් මධ්‍යස්ථ මතධාරී වඩා සමාජවාදී රාජ්‍යයක් වූ ඉරාකයේ සදාම් හුසේන් සුන්නි ජාතිකයෙක් විය. වහබ් වාදය පැතිර තිබූ රටවල් ඉතා ප්‍රාථමික අවධියක තිබූ අතර බොහෝ ජාතීන් එඬේර යුගය ප්‍රකාශ කරන්නන් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු වහබ් වාදයට මුස්ලිම් ලෝකය තුල වුවද පිලිගැනීම අඩු වූ අතර එය ප්‍රචලිත කිරීමට වෙර දරන්නන් ඊජීප්තුව වැනි රටවල හාස්‍යයට ලක් කලහ.

එහෙත් මැද පෙරදිග ඛණිජ තෙල් මතු වීමත් ලෝකයේ ප්‍රධාන ඉන්ධන ප්‍රභවය බවට ඛණිජ තෙල් පත් වීමත් සමඟම මැදපෙරදිගට තිබූ බටහිර බලපෑම ඉතා තියුණු විය. ඒ වන විටත් ඛණිජ තෙල් පරිභෝජනයේ ප්‍රමුඛයා වූ ඇමෙරිකාව මැදපෙරදිග තුල නව ආර්ථික හා දේශපාලන දැල එලීම පටන් ගැනින. සුන්නි ඉස්ලාමයේ වහබ් අන්තවාදයේ මහ ගෙදර වූ සෞදිය මෙම ඛණිජ තෙල් සම්පත් වල විශාලම අයිති කාරයා විය. එම ඛණිජ සම්පත් ගොඩ දමන තාක්ෂණ හවුල් කරුවා ඇමෙරිකානු සමාගම් විය.

තෙල් නිෂ්පාදනය කරන රටවල් නව තෙල් ආර්ථිකය ස්වාධීන කර ගැනීමට OPEC සංවිධානය පිහිටුවා ගත්හ. 1970 මුල් භාගය තුල ඩොලර් මූලික තෙල් අපනයනයට විරුද්ධව ස්වාධීන මුදල් ඒකක හා රත්‍රන් වටිනා කම හරහා තෙල් විකිණීමට සෞදිය උත්සාහ කලද ඇමෙරිකානු බලපෑම සෞදිය යටත් කර ගැනීම දක්වා දික් වන්නේ යැයි යන බිය තුල සෞදිය ඇමෙරිකාව සමඟ ඩොලර් මූලික ලෙසින් තෙල් ගණුදෙනු කරන තැනට අවසානයේ පත් විය. ඒ හා සමඟම ලෝකය තුල “පෙට්‍රෝ ඩොලර් ” ආර්ථික සංස්කෘතිය බිහි වීමත් සමඟ ලෝකයේ කවුරුන් විසින් තෙල් නිපදවුවද නිපදවන සෑම බැරලයකින්ම ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් විය.

තවකෙකු ඛණිජ තෙල් නිපදවීමේදී එයට වටිනාකම තීන්දු කිරීමට, කිසිම වටිනා කමක් නැති මුද්‍රණය කරන ලද ඇමෙරිකානු ඩොලර් නෝට්ටුවක් මගින් ඛණිජ තෙල් වටිනාකම ප්‍රකාශ කිරීම තුමැදපෙරදිග තෙල් ආදායම ඇමෙරිකානු ආර්ථිකයේ කොඳු නාරටිය තරම් විය.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු සෝවියට් දේශයත් සමඟ ඇති වූ සීතල යුද්ධය තුල ඇමෙරිකාව සෝවියට් දේශය බිඳ දැමීම සඳහා කල හැකි සෑම දෙයක්ම කල අතර සෝවියට් දේශය ඇමෙරිකාවේ ප්‍රධාන සතුරා බවට ඔවුන් විසින්ම පත් කර ගත්තේය.

සෝවියට දේශය බටහිර මායිමේ හා අද රුසියාවේ බටහිර හා නිරිතදිග මායිම් වන සියළු රටවල් මුස්ලිම් රටවල් වේ. එයිනුත් බොහෝ ආසන්න රටවල් සෝවියට සමාජවාදී ආභාෂය බටහිර චින්තන බලපෑ ස්වාධීන ජාතිකවාදී හා සමාජවාදයට බර ලිබරල් මුස්ලිම් රාජ්‍ය විය.

ඛණිජ තෙල් මත සෞදිය ඉතා සීඝ්‍රයෙන් දියුණු වූ අතර ඔවුන් විශ්වාස කරන වහබ් වාදයට අනුව කිතුණු වාදයන්, යුදෙව් වාදයන් පොළොවෙන් අතු ගා දැමිය යුතුය. ජාතිවාදය හා ලිබරල් සමාජවාදී ඉස්ලාම් භක්තිකයන්ද ඒ ආකාරයේම සතුරන් වන්නේය. ඒ අනුව සියා හා එහි කොටසක් වූ ශයිට් වරුන්ද ඔවුන්ගෙන් බිඳී ගිය ලිබරල් මතවාදී අලවාටී වරුන්ද (සිරියාවේ අහමද් අලවාටි කණ්ඩායමට අයත් වේ )

මුල් කාලවල සමස්ථ මැදපෙරදිග ඊශ්‍රායල් විරෝධතාව බසාර් අල් අසාද් කුමරු ඊටත් පෙර කුරුස යුද්ධය මෙහි ප්‍රකාශනය වූ අතර පසුව ඉරාණ ඉරාක යුද්ධය, සෞදිය හා යේමනය අතර යුද්ධයන් ලෙබනන යුද්ධයන් මෙහිම එක් එක් ප්‍රකාශනයන් විය.

එහෙත් මෙම ප්‍රතිවිරෝධතා ඉතා සූක්ෂම ලෙස අධ්‍යයනය කල CIA සංවිධානය මෙය සෝවියට් දේශය බිඳවීමට හා අද රුසියාවට විරුද්ධව ක්‍රියා කිරීමට යොදන ප්‍රධාන අවිය බවට පත් කරගෙන සිටින්නේය. දෙවියන් විශ්වාස නොකරන භෞතිකත්වය අගයන කොමියුනිස්ට් වාදය වහබ් වාදීන්ගේ පරම සතුරන් අතර පෙරමුණ ගත් කණ්ඩායම ලෙස ගනන් ගනී. ඒ අර්ථයෙන් ගත් කල වහබ්වාදීන්ගේ මෙන්ම ඇමෙරිකාවේ පරම සතුරාද කොමියුනිස්ට්වාදී සෝවියට් දේශය හා එයින් බිඳුනු රුසියාව වේ. අදටත් ඇමෙරිකානු යුධ වියදම් එම ජනතාව මත සාධාරණීකරණය කරන්නේ රුසියානු බිල්ලා පෙන්වා දෙමිනි.

මෙම සහසම්බන්ධය හොඳින් අධ්‍යනය කල ඇමෙරිකානු යුධ යාන්ත්‍රණය ලෝකය පුරා මෙම මුස්ලිම් අන්තවාදය ඔවුන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඉතා හොඳින් පාලනය කරමින් සිටී.

ඉන්දුනීසියාවේ සිට සිරියාව දක්වා මෙතෙක් පැවති ජාතිකවාදී නිදහස්  මතවාදයට යම්තාක් දුරට ඉඩහල සියළුම ලිබරල් මුස්ලිම් සියළුම රටවල අභ්‍යන්තර ප්‍රශ්න ඇති කර එම රටවල් වල ජාතිකවාදී රජයන් පෙරලා දැමීම සඳහා ඇමෙරිකාව උපයෝගී කර ගන්නේ මෙම මුස්ලිම් අන්තවාදී වහබ් සංවිධාන විය.

වහබ් අන්තවාදය ඇමෙරිකානු අවශ්‍යතාවය සඳහා ඉහත සඳහන් බොහෝ කරුණු සමපාත වේ. එම නිසා වහබ් අන්තවාදීන් ඇමෙරිකානු යුධ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාමට ඉතාමත් සුදුසුම කණ්ඩායම වන්නේය.  මන්ද යත් ඉතා පසුගාමී අදහස් දරණ මෙන්ම කිසිම ආකාරයකින් සමාජයේ සංවර්ධනය ප්‍රතික්ෂේප කරන්නන් වීමත් ඒ සඳහා කොන්දේසි විරහිතව දිවි හිමියෙන් ක්‍රියා කරන මනස විකෘති බවට පත් වූ කණ්ඩායමක් වීමයි.

 

ඇෆ්ගන් මුජහිදීන්

80 දශකයේ රුසියානු හමුදා ඇෆ්ගනිස්ථානයට එවීමට මාස 06 කට පෙර නජිබුල්ලාගේ ආණ්ඩුව පෙරළා දැමීමට මුජහිදීන් ගරිල්ලන්ට ආයිධ හා යුධ උපකරණ පකිස්ථානය හරහා ලබා දීමට ඇමෙරිකාව කටයුතු කලහ. පසුව රුසියානු හමුදා ඇෆ්ගනිස්ථාන ජනපතිගේ ආරාධනයෙන් ඇෆ්ගනිස්ථානයේ ස්ථානගත වීමත් සමඟම රුසියානු ආක්‍රමණයට විරුද්ධව ලෝක සාමය ආරක්ෂා කරන මුවාවෙන් මුජහිදීන්ට එළිපිටම ආධාර කොට රුසියානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ගොස් වසර දහයකටත් වඩා පසුකර ඇති අද දවසේද ඇෆ්ගනිස්ථානය ගල් යුගයට ඇද දමමින් තවමත් ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටී. මෙය තව දුරටත් පකිස්ථානයෙන් සියා උල් හක් ගේ පාලන කාලය තුල පකිස්ථානය පූර්ණ ඉස්ලාම්කරණ වැඩ පිළිවෙල හරහා ඔවුන්ගේ ඔත්තු සේවාව වූ ISI හා ඇමෙරිකානු CIA එකතුව සෝවියට් දේශයට එරෙහිව යටත් කිරීමට පකිස්ථානු ජනතාව පෙළඹවීමට හා මුජහිදීන් වරුන්ට උදව් කිරීමට පකිස්ථාන් මද් රාසා පාසල් වලට සවුදි අරාබිය විශාල වශයෙන් මුදල් ආධාර කලහ. මේ කාලය තුල මුජහිදීන් වරුන් නිදහස සඳහා යුධ කරන්නන් ලෙස ඇමෙරිකාව හුවා දැක්වූහ. එමෙන්ම පකිස්ථානයත් ජවාට් ඉ ඉස්ලාම් නව ත්‍රස්ථ සංවිධානය සුල්ෆිර්කාර් අලි භූතෝගේ ආණ්ඩුවට විරුද්ධව මෙහෙයවූයේය.

ඉරාකය

ඉරාකයේ සදාම් හුසේන්ගේ රජය මුලදී ඇමෙරිකාව සමඟ ඉතා කිට්ටුවෙන් කටයුතු කලේය. ඒ මක් නිසාද යත් සවුදිය ප්‍රමුඛ සුන්නි පෙරමුණේම සිට “සයිට්” ඉස්ලාම් ඉරානය විනාශ කිරීම සඳහාය. ඉරාණය රුසියාව සමඟ බොහෝ විට එක් පෙරමුණක සැමදාම ජාත්‍යන්තර තලයේ වැඩ කලහ. එහෙත් පසුව සදාම් හුසේන්ගේ තම ඛණිජ තෙල් නිෂ්පාදන විකිණීමේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් වෙනුවට රන් පවුම් යුරෝ සමඟ  ගනුදෙනු කිරීමට ක්‍රියා කිරීම හා සදාම් හුසේන්ගේ සෘජු  ස්වධීනත්වය හා ඇමෙරිකානු හවුලෙන් ගැලවීමට ක්‍රියා කිරීම ඇමෙරිකාව නොරිස්සූ හා ඉරාකය තුල ” සයිට් ” වරුන්ට හා කිතුණුවන්ට නිදහ්සේ ජීවත් වීමට ඉඩ දීම සුන්නි සවුදිය නොරිස්සූහ. ලෝක ත්‍රස්ථවාදයට එරෙහි පොලිස් කාරයාට ආරූඩ වූ ඇමෙරිකාව 2003 දී ඉරාකය ආක්‍රමණය කර ඉතා දියුණු රටක්ව පැවති ඉරාකය ගල් යුගයට ඇද දැමූහ.

එයින් නොනැවතුනු ඔවුන් සිරියාවේ කොටසක් හා ඉරාකයේ මොසුල් ප්‍රදේශ එක් කොට වහබ් ක්‍රමයේ කලිපස්ථානයක් සෑදීම සඳහා අල්කයිඩා වරුන්ට උදව් කර සිරියාව හා ඉරාකය තුල නොනවතින යුද්ධයක් ඇති කර මෙම දෙරටම විනාශ කර දැමූහ.

1970 පමන අතීතයේද නිදහස් ඊජීප්තුවට විරුද්ධව මුස්ලිම් සහෝදරත්වය නමැති වහබ් සංවිධානයට CIA සංවිධානය උදව් කර රුසියානු ඊජීප්තු සබඳතා වලට විරුද්ධව ක්‍රියා කලේය. ඉන්දුනීසියාවේ සුකර්නෝගේ රජය පෙරලා දැමීමට එහි “සරෙකට් ඉස්ලාම්”  සංවිධානයට ඇමෙරිකාව එළිපිටම උදව් කලහ. එමෙන්ම අල්කයිඩා සංවිධානය බිහි කිරීමට ඔසාමා බින් ලාඩ්න් හරහා ඇමෙරිකාව ක්‍රියා කලා මෙන්ම එයට කිරි පොවා උස්මහත් කලේද ඇමෙරිකාව විසින්මය.

මේ ගැන බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වරයකුව සිටි රොබින් කුක් සඳහන් කල ආකාරයට අල්කයිඩා යනු දත්ත බැංකුව ” Database ”  යන අර්ථය ඇති අරාබි ප්‍රකාශනයකි. මූලිකම වහබ් දර්ශණය අනුව සාදන ලද ඉස්ලාම් අන්තවාදීන්ගේ දත්ත බැංකුව අල්කයිඩා නම් විය. මෙම දත්ත බැංකුව බටහිර ඔත්තු සේවා විසින් පවත්වාගෙන ගිය අතර ඔවුන් නඩත්තු කිරීමද බටහිර විසින් සවුදි ආධාර මත සිදු වූහ.

ISIS යනු නිදහස් සිරියාව යටත් කිරීමට අල්කයිඩාව හඳුන්වන නව නාමකරණය විය. සිරියාව බහු ජාතික බහුවාර්ගික නිදහස් ජීවිතයක් ගත කල ජනතාවක් වෙසෙන රටක් විය. මෙයම සයිට් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වේ. එමෙන්ම එය සැම විටම රුසියාව හා ඉරානය සමඟ දේශපාලනික හා ආර්ථික සම්බන්ධකම් තහවුරු කර ගත් රටක් වේ. රුසියාවට  එරෙහිව කටයුතු කිරීමට චෙච්නියානු හා බොස්නියානු මුස්ලිම් අන්තවාදීන්ට මෙන්ම රුසියානු දේශසීමා වට කිරීම පෙරදැරි කොට සිරියාව විනාශ කිරීම ඇමෙරිකානු හා බටහිර වුවමනාව වේ. එමනිසා සිරියාවට එරෙහි යුද්ධයට ඇ මෙරිකාව ISIS ඉස්ලාම් අන්තවාදීන්ට සෘජුව හා සෞදිය හරහා උදව් කරනු ලැබේ. ඇමෙරිකාව සෑම විටම අල්කයිඩාව සමඟ තිබුනේ ආදරය හා වෛරය එක් කල සම්බන්ධතාවයක් වේ. ඇමෙරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව යුද්ධ කරනවා යැයි  ප්‍රකාශ කලද ඔවුන් ක්‍රියා කරනුයේ එය ඔවුන්ගේ කුලී හමුදාවන් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම සඳහාය.

ඕනෑම අල්කයිඩා සෙබළකුගෙන් ප්‍රශ්ණ කලහොත් ඔවුන් ශුශ්ධ වූ ඉස්ලාම් ධර්මය ආරක්ෂා කිරීමට එහි ප්‍රධාන සතුරා ලෙස ඇමෙරිකන් විරෝධියකු ලෙස පෙනී සිටී.එහෙත් ඔහු අත දරා සිටින්නේ ඇමෙරිකාවේ නිෂ්පාදිත M 16 අවියක් හා ඇමෙරිකානු මූල්‍ය ආධාර මත මිල දී ගත් සපත්තු කූට්ටමක් හා ඇඳුම් කට්ටලයක් වේ. ISIS ත්‍රස්ථයන් අළුත්ම අළුත් ඇඳුම්ද කිරි සුදු සපත්තුද ගණන් කල නොහැකි තරම් වූ Toyota Hilux ඩබල් කැබ්ද සවුදි ඇමෙරිකානු සැපයුම් මිස කැට හොල්ලා ලබා ගත් වස්තුව නොවන්නේය. ශ්‍රී ලංකාවේද නිදහස් ස්වෛරී රාජ‍ය දෙකඩ කර දුර්වල කිරීමට LTTE අන්තවාදීන්ට ඇමෙරිකාව උදව් කල බව නොරහසකි. ඒ ඇමෙරිකාවට නොරුස්සන රජයක් ලෝකයේ තිබිය නොහැකි යැයි ඔවුන් සිතන බැවිනි.

අල්කයිඩා දත්ත බංකුව බටහිර රහස් ඔත්තු සේවා විසින් පවත්වාගෙන යාම හා නඩත්තු කරගෙන යන්නේ නම් ශ්‍රී ලංකාව තුලද ISIS     කැරළිකරුවන් බිහි වීම,

වර්ධනය හා පවත්වාගෙන යාම බටහිර හා ඇමෙරිකානු ඔත්තු සේවා වල දිගුවක් විය යුතුමය.

ISIS  ශ්‍රී ලංකාවේ උස ගොඩනැගිල්ලකට පහර දීමට ඇති හැකියාව ගැන ඇමෙරිකානු එම්බසිය කරන පුරෝකථනය ගැන ශ්‍රී ලංකා වාසීන් වශයෙන් අප මෙයට වඩා නිරීක්ෂණාත්මකව සොයා බැලිය යුතුය.

 

සුමිත් වන්නිආරච්චි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More