අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ රිෂාඩි බදුවුදීන්ලාගේ ඡන්ද ටිකට ලෝබ වී රට තුළ පැන නගින මූලධර්මවාදී ප්‍රවනතාවයන් පරාජය කළ නොහැකි බවය.
මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය එම අන්තවාදීන්ට එකග නොවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ රටක ජාතික ආරක්ෂාවේ කොදු නාරටිය වන බුද්ධි අංශ දුර්වල කරමින් සුලු ජාතික දේශපාලන නායකයින්ගේ උවමනාව මත ජාතික ආරක්ෂාව බිංදුවට බැස්සවූ එකම රට ලංකාව බවය.
පසුගිය රජය විසින් යුද්ධය අවසන් කළ පසුවද බුද්ධ් අංශ තව තවත් ශක්තිමත් කළ බවත් වර්තමාන රජය විසින් බුද්ධි අංශ ප්‍රධානීන් සිර ගත කිරීමට කටයුතු කළ බවත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නීතිඥ කල්‍යානන්ද තිරානගම ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...