වෙනත් රටක මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ වා නම් සියලු දෙනාම ඉල්ලා අස්වෙන බවත් ලංකාවේ එවැනි දෙයක් සිදුනොවන නිසා ඔවුන්ට තම තනතුරුවල රැඳී සිටිය හැකි බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දැඩිව විවේචනය කිරීමට ඔහු කටයුතු කළේය.
“ එල්.ටී.ටී.ඊ. යට මේ තත්ත්වයට එන්න ගොඩක් කාලයක් ගියා.මේ අය එතනින් පටන් ගෙන තිබෙනවා. නමුත් මේ සංවිධාන දෙකේ අරමුණු දෙකක්.
තරුණයන් පිරිසක් නොමග ගොස් තිබෙනවා ඒ ගැන කනගාටුවෙනවා. මේක දරුණු විෂබීජයක්. ජනතාවගේ ජීවිත අවිනිශ්චිතව තිබෙනවා.
දැන් ආයෙත් අම්මයි තාත්තයි වාහන දෙකක වැඩට යනවා. දරුවෝ දෙන්න වෑන් දෙකක පාසල් යනවා. දැන් ජනතාව පරීක්ෂා කරන්න වෙයි. ආරක්ෂක කපොලු අරින්න වෙයි.
යුද්දෙ ඉවරවුණාම කානිවල් එකක් වගේ ජීවත් වුණා. ආර්ථිකයක් වශයෙන් ඉදිරියට යනවානම් ආරක්ෂාව අංක එකට තිබෙන්න ඕන. කාටවත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. ජාතික බුද්ධි ප්‍රධානී යොමුකළ ලිපියක් ජනපතිට යනවා. ආරක්ෂක කවුන්සියේ මේ ගැන කතා වෙන්න ඕන.
පොලිස්පති ඉවත් කළා කියලා මේ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ. බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුව තිබුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...