දේශීය පුවත්

ඩුබායිහිදි රටෙන් මෙරටට පිටුවහල් කරනු ලැබු ගායක අමල් පෙරේරා ඇතුලු සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ නිළධාරින් විසින් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කර ඇත.

ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු ඩුබායි සිට මෙරටට යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඊයේ (23) අලුයම මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නට විය.

එහිදි රණවකගේ ධම්මික නුවන් රණවක යන අය පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබිම සම්බන්ධයෙන් වැලිපැන්න පොලිස් ස්ථානයට ද, මොහොමඩ් පවුසි මොහොමඩ් අසිම් නොහොත් පුල්ලපලම් අසිම් කංජිපාන බම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබිමේ

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය වෙතද, රේණුකගේ දිපාල් චමින්ද යන අය පිලියන්දලදි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් නිළධාරින්ට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය වෙතද ලබා දි තිබේ.
ගායන ශිල්පි අමල් පෙරේරා, හෙට්ටි හේවගේ අමිල ප්‍රසංග,කලුපහනගේ ෂෙල්ටන්ද සිල්වා යන තිදෙනාගෙන් පැය විසි හතරකටත් අධික කාලයක් ප්‍රශ්න කිරිමෙන් පසු අද (24) අලුයම මුදා හැර තිබේ.

මේ අතර ඩුබායි වලින් පිටුවහල් කරන ලද තවත් පුද්ගලයෙකු අද දිනද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණිමේදි පොලිස් භාරයට ගෙන තිබේ.

වැල්ලම්පිටිය පදිංචි අබ්බසර් මොහොමඩ් බදුර්දින් නැමැති පුද්ගලයෙක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More