දේශීය පුවත්

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පරික්ෂණ අවසන් වෙන තෙත් ධුරයෙන් ඉවත් කළ යුතු යයි හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

එම සංවිධානය විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව එම ඉල්ලීම කරන ලද ලිපිය පහත දැක්වේ.

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

බස්නාහිර ආණ්ඩුකාරවරයා පරික්ෂණ අවසන් වෙන තෙත් ඉවත් කළ යුතුය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වන දින මාවනැල්ලේදී බුදු පිළිම වහන්සේලාට හා තවත් කතෝලික ස්ථාන කීපයකට ප්‍රහාරයක් එල්ලවිය. මේ පිළිබඳව මුස්ලිම් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ විශාල ලෙස පුපුරණ ද්‍රව්‍ය තිබී ඇති අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔවුන්ගේ මූලධර්මවාදී කඳවුරක් ආරක්ෂක අංශ සොයාගනු ලැබීය.

එහි දි අත්අඩංගුවට පත් මේ අන්තවාදී, මූලධර්මවාදී පිරිස් අතර දෙදෙනෙක් පොලීසියට බලපෑම් කර පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා බව ජනමාධ්‍ය හෙළි කරයි.

පසුගිය 21 වන පාස්කු දින එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ බලපෑම මත නිදහස් කළ පුද්ගලයන් සිටින බව ත්‍රස්ත විමර්ශන වලදී අනාවරණය වී ඇත. මේ පිළිබඳව අමාත්‍ය කබීර් හෂිම් මහතා ද ඊයේ දිනයේ රජයේ මාධ්‍ය හමුවකදී සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරන ලදි.

එලෙසම පාර්ලිමේන්තුවේ දී වනාතවිල්ලුව ප්‍රදේශයේ හෙළි වු මූලධර්මවාදී කඳවුර සම්බන්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරද්දී ඊට එරෙහිව අදහස් දැක්වූයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසිනි. තවද රිෂාඩ් බදූර්දීන් මහතාගේ පුද්ගලික හිතවතෙකු දිවයින පුරා පසුගිය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රබල සාමාජිකයෙකු බව මාධ්‍ය මගින් මේ වන විට හෙළි කරමින් ඇත. එබැවින් මේ ත්‍රස්තවාදීන්ට සෘජුව හා වක්‍රව අනුබල ආධාර රැකවරණය ලබාදෙන මේ මැතිඇමතිවරුන් සම්බන්ධව වෙන වෙනම විමර්ශන සිදුකළ යුතුව ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගිය දින ලංකාවේ වැදගත්ම පළාත වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම මේවන විට ආණ්ඩුවට මෙන්ම රටට බලවත් අපකීර්තියට හේතුවී ඇත. එබැවින් සෘජුව හෝ වක්‍රාකාරව ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට ඉඩ ලබාදීම රජයේ අරමුණ නොවන බැවින් ආගමික හෝ ජාතික පදනමකින් තොරව සැමට එකනීතියක් යටතේ ක්‍රියාකළ යුතු බව අවධාරණය කර සිටිමු.

ඔහු සම්බන්ධ ඉහත චෝදනාවෙන් නිදහස් වෙනතුරු මෙතුමා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කර සේනාධිනායකයා මෙන්ම රටේ පළමු පුරවැසියා ලෙස ඔබතුමාගේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!
පූජ්‍ය බුදුගල ජිනවංස හිමි
සභාපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More