බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා විසින් භාරගත යුතු බව විපක්‍ෂයේ සිටින එජාප මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අද(23 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
‘‘මම 2016 නොවැම්බර් 18 දා මේ පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් හෙළිදරව් කළා තවුහිද් ජමාත් සංවිධානයේ පවුල් හතරක පුද්ගලයන් තිස්දෙදෙනෙක් අයිඑස්අයිඑස් සංවිධානයේ පුහුණුව ලබාගෙන ඇති බව ඔවුන් දරුණු ප‍්‍රහාරයකට සූදානම් වන බව මා කීවා. ඒ වෙලාවේ මම කියන්නේ බොරු කියමින් ඇමැතිවරුන් සහ මුජිබර් රහුමාන්ලා මට ශාප කළා. මේ මිනීමැරුම්වල වගකීම මුජිබර් රහුමාන්ලා භාරගත යුතුයි.’’
මේ අවස්ථාවේදී කරුණු දැක්වීමට මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා නැඟී සිටිය ද ඊට පෙර සභාව අද (24 දා) දක්වා කල් තැබීමේ නිවේදනය සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා දැනුම් දුන්නේය. එනිසා මුජිබර් රහුමාන් මහතාට කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාව අහිමි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...