දේශීය පුවත්

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කීපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ තවුෆික් ජමාත් කණ්ඩායමට සම්බන්ධ වී ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පුහුණුව ලැබූ මුස්ලිම් අන්තවාදීන් 160 දෙනකු පිළිබඳව තොරතුරු මීට මාස තුනකට පමණ පෙර ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබියදීත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ඉතාම මන්දගාමී අන්දමින් කි‍්‍රයාත්මක වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.

මෙම ත‍්‍රස්ත පුහුණුව ලැබූ අන්තවාදීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලබා ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් හෝ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සහ රජයෙන් නිසි සහායක් නොලැබීම නිසා විමර්ශන කටයුතු කඩිනමින් කරගෙන යෑමට නොහැකි වූ බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

මෙම අන්තවාදී ත‍්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ලැබී තිබුණේ පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 75 ක් පමණ විශාල පොල් වත්තක පවත්වාගෙන ගිය තවුෆික් ජමාඞ් ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රධාන පුහුණු කඳවුර වැටලීමෙන් පසුවය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තවේ නිලධාරීන්ගේ දක්‍ෂතාව සහ කාර්යක්‍ෂම භාවය නිසාම මෙම පුහුණු කඳවුර සොයා ගැනීමට හැකි විය. මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කඩා දැමූ අන්තවාදී ත‍්‍රස්තවාදීන් පිිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදීය.

එසේ අත්අඩංගුවට ගත් එක් අන්තවාදියකුගේ ජංගම දුරකතනයට ලැබුණු එස්. එම්. එස් පණිවිඩයක් ඔස්සේ විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වනාතවිල්ලූවේ පිහිටි මෙම ත‍්‍රස්ත පුහුණු කඳවුර සොයාගත්හ.

මෙම පුහුණු කඳවුරේ වළ දමා තිබූ සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක්, නයිට‍්‍රජන් ගැලූම් 6 ක් ඩෙටනේටර් 99 ක් සොයා ගනු ලැබුවේ ඉකුත් ජනවාරි මාසයේ 16 වැනිදාය.

මෙම පුහුණු කඳවුරේදී අන්තවාදී ත‍්‍රස්තවාදීන්ට අවි පුහුණුව, මරාගෙන මැරෙන පුහුණුව ලබාදී තිබූ බවද විමර්ශනවලින් හෙළි වී තිබිණි.

තවුෆික් ජමාඞ් ත‍්‍රස්ත කල්ලියේ නායකයා ලෙස සැලකෙන සහජාන් හෂීම් නමැත්තා නිතර නිතර මෙම කඳවුර වෙත පැමිණ එහි පුහුණුව ලබමින් සිටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් දේශන පැවැත්වූ බවද හෙළි වී තිබේ. එමෙන්ම මෙම කඳවුර බෝම්බ නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් ලෙස ද මෙම අන්තවාදීන් විසින් පවත්වා ගෙන ගොස් තිබිණි.

මෙම කඳවුරේ පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් 160 දෙනකුගේ ලැයිස්තුවක් සහ ඔවුන්ගේ ජංගම දුරකථන අංක ඇතුළු තොරතුරු රැසක් තිබී ඇති අතර ඒ සියල්ල ආරක්‍ෂක අංශය භාරයට ගෙන තිබිණි.

තවුෆික් ජමාඞ් කල්ලියට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More