දේශීය පුවත්

‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය ඊයේ (23) වාර්තා කළේය.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ දේවස්ථාන තුනකට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

එම සංවිධානයේ ත්‍රස්තවාදීන් දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බුද්ධි සහ තාක්ෂණික සහාය ලබාදෙන බව ද ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුවේ සිටින පූජකයකු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් වාර්තාවේ දැක්විණි.

‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානයෙන් පන්නරය ලබමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් නමුත් එම සංවිධාන දෙක අතර සෘජු සබඳතා ස්ථාපිතව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ කෙරෙන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කර තිබිණි.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලයේදී ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ දේවස්ථානවලට ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරවල වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබිණි.

අයි.එස්. සංවිධානය කිතුණු බැතිමතුන්ගේ පූජනීය දිනවලදී ප්‍රහාර එල්ල කර ඇති බැවින් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප්‍රහාරයත් අයි.එස්. සංවිධානය එල්ල කරන ප්‍රහාරත් අතර සමානකමක් පවතින බව ද විශේෂඥයන් සහ ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More