දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම් ඔවුන් ප්‍රහර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය.

එහි දැක්වූයේ මෙම ප්‍රහාරවලින් තම සාමජිකයන් 7 දෙනෙකු ජීවතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුව කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත්තේ අබු හම්සා බව එම නිවේදනයේ සඳහන් විය.

මීගමුව සෙබස්තියන් පල්ලියේදී පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා ගත්තේ අබි කලිල් බවත් අබු මුහම්මද් මඩකලපුව සියොන් දේවස්ථානයේදී තම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත් බවත් එහි සඳහන් වෙයි.

අබු උබායිදා (සහරාන් හසීම්), අබු අල් බාරා හා අබු මුක්තාර් කොළඹ ෂැංග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංග්ස්බරි හෝටල්වල ප්‍රහරයට පැමිණි බවත් සඳහන් විය.

දෙමටගොඩ පොලිස් නිලධාරීන් හා පැවැති ගැටුමකින් අනතුරුව අබු අබ්දුල්ලා ජීවිතක්ෂයට පත්වූ බවත් එහි සඳහන් විය.

මෙම නාමයන් ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ලබාදුන් අන්වර්ථ නාමයන් වන අතර මෙම ත්‍රස්තයන් මෙරට තුළ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධව ක්‍රියාත්මක වී ඇත.

මූලාශ‍්‍රය මෙතනින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More