පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් මියගිය 300 කට වැඩි පිරිසක් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (23 වැනිදා) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදි.මීගමුවේ කටුවපිටිය පිහිටි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ බෝම්බ ප්රහාරයෙන් මියගිය අයගේ දේහයන්, අද උදෑසන පැවැති අවසාන දේව මෙහෙයෙන් පසුව දේවස්ථාන සුසාන භූමිය කරා රැගෙන යන ලදී.
බෝම්බ පිපිරීමෙන් මියගිය බොහෝ දෙනාගේ අවමඟුල් අද පැවැත්වේ.සියලූම රජයේ ගොඩනැඟිලි සහ රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර ඇති අතර බෝම්බ ප්රහාරයෙන් මියගිය අයට ගෞරව කිරීම සඳහා පෙරවරු 8.30 සිට විනාඩි 3 ක නිහඬතාවක් පළකෙරිණ. මෙම නිහඬතාව පෙරවරු 8.30 ට ආරම්භ වූයේ ඉරිදා බෝම්බ පිපිරීම් ආරම්භ වූයේ ඊට ආසන්න වෙලාවකදී (පෙරවරු 8.45 ට) බැවිනි. පෙරවරු 8.30 වන විට පාස්කු දේව මෙහෙයට සහභාගි වෙමින් සිටි කතෝලික බැතිමත්හු දේවස්ථාන වල සිටියහ.පිපිරීම් මාලාවෙන් මියගිය අය වෙනුවෙන් අනුස්මරණ දේවමෙහෙය අද පෙරුවරුවේදී පැවැත්විණ.
මෙම දේවමෙහෙයයන්ට සහභාගි වූ මියගිය අයගේ ඥාතීන් සිය කඳුළු නවතාගෙන සිටියේ ඉතා අසීරුවෙනි. නියමිත විනාඩි 3 අවසානයේදී ඔව්හු නැවතත් යාඥා කළහ.ඊයේ පැවැති කැබිනට් රැස්වීමකදී කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා කීවේ මෙම ප‍්‍රහාර සඳහා ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අන්තර්ජාතික ආධාර ලැබුණාද යන්න විමර්ශනය කරමින් සිටින බවයි. ඉතාම සූක්ෂම ලෙසින් සැලැසුම් කරන ලද මෙවන් ප‍්‍රහාරයක් සාර්ථකව කි‍්‍රයාවට නැංවීම ශී‍්‍ර ලංකාවේ පවතින සංවිධානයකට කළ නොහැකි බවද කැබිනට් ප‍්‍රකාශක කීවේය.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කීවේ මෙම ප‍්‍රහාරයන් කි‍්‍රයාත්මක කළ ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදීන් පසුපස අන්තර්ජාතික ත‍්‍රස්ත සංවිධාන සිටින බවට තොරතුරු ඇති බවයි.
ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට නැවත වරක් හදිසි තත්ත්වයක් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ආරක්‍ෂක හමුදා සහ පොලිසියට විශේෂ බලතල ලැබිණ. ඒ අනුව අධිකරණ නියෝගයකින් තොරව සැකකරුවන්
රඳවා තබාගැනීමට ආරක්‍ෂක සේවාවන්ට අවසර ලැබේ.
(කටුවපිටිය දේවස්ථානය -ඡායාරූපය ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරෙනි)



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...