දේශීය පුවත්

ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය ඊඊක්‍ මාධ්‍ය වාර්තා කළ ආකාරය ගැන දැන් බොහෝ අය කතා කරති. මේ නෝර්වේ රාජ්‍යයට අයත් රජයේ රූපවාහිනී නාළිකාවක් වන NRK 1 ආයතනය ගැන තවත් එවැනිම කතාවකි. මෙම මාධ්‍ය ආයතනය ඒ රටේ වේලාවෙන් අප්‍රේල් විසි දෙවැනිදා රාත්‍රී හතට සිදුකළ ප්‍රවෘත්ති විකාශනයේදී ලංකාවේ ප්‍රශ්නය ගැන අපූරු විග්‍රහයක් ඉදිරිපත් කරයි. එහිදී ලංකාවට පැමිණ අදාළ ප්‍රශ්නය ගැන අදහස් දක්වන Sverre Tom නැමති ඊනියා මාධ්‍යවේදියා කියා සිටිනුයේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තා මුස්ලිම් අන්තවාදීන් නොව සිංහල අන්තවාදීන් බවය. ඉතා දරුණු ජාතියක් වන සිංහල අන්තවාදීහු මීට වසර දහයකට පෙර දෙමළ ජනයා සහමුලින්ම පරදවා රට තනියම අයිති කරගත් ආකාරයටම, ඔවුහු දැන් මුස්ලිම් ජනතාව විනාශ කිරීමට කටයුතු කරමින් සිටිති. මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඒ නිසාය.

නෝර්වේ සැලකෙනුයේ අඬන පොඩි දරුවෙකු නැළවීමටවත් බොරුවක් නොකියන සංස්කෘතියක් ඇති රටක් වශයෙනි. තම දෛනික ජීවිතයේදී ඔවුහු බොරු කීම ඉතා නොමනා දෙයක් ලෙස සලකති. එය දූපත්වාසීන් නොදන්නා මාර බටහිර ශිෂ්ටත්වය යැයි කියමින් අපට මොහොතකට සතුටු විය හැකිය. එහෙත් ඒ ශිෂ්ටත්වය දෙපිටින් යනුයේ ඔවුන් අප වැනි රටවල් සම්බන්ධව අනුගමනය කරන නින්දිත දේශපාලනයේදීය. මේ රූපවාහිනී නාලිකාව 2002- 2004 රනිල්ගේ ඊනියා සාම ක්‍රියාදාමයේදී ලංකාව සම්බන්ධව අනුගමනය කළේද අන්ත කොටි හිතවාදී පිළිවෙතකි. අද ඔවුහු මුස්ලිම් අන්තවාදී ප්‍රහාර හමුවේ කැකිල්ලේ භූමිකාවටත් එහා යමින් ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධයා මත පටවමින් සිටිති. ළමයින් නැළවීමට බොරු නොකියන ශිෂ්ට බටහිරයෝ දේශපාලනයේදී අන්ත ජාතිවාදී බෙදුම්වාදී මිනීමරු කල්ලි කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටිමින් බොරු පතුරුවන්නේ එසේය. බටහිරයන්ගේ ඊනියා ජාතිවාද විරෝධයේ සාරය වන්නේ අප වැනි රටවල ප්‍රධාන සංස්කෘතීන්ට එරෙහි ඕනෑම ජාතිවාදයක් වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටීමය.

නොර්වේ, බි්‍රතාන්‍ය වැනි රටවල පමණක් නොව ලංකාවේ සිටින විකල්ප ගෝත්‍ර පඬියන්ගේ දේශපාලනයද එයම වෙයි. ලංකාවේ පළවන රාවය, අනිද්දා, ජනරළ, සමබිම, ලංකා වැනි පත්තර කඩමාලු තව නොබෝ දිනකින් මේ ප්‍රහාරයේ වගඋත්තරකරුවා සිංහල බෞද්ධ හෙජමොනිය බව කියමින් ලිපි ලියතොත් එය පුදුමයක් නොවේ. එතැනින් නොනැවතී මුස්ලිම් ත්‍රස්තවාදීන් දියත් කළේ සිස්ටම් විරෝධී විමුක්ති අරගලයක් බව කියමින් බෝම්බකාරයන්ට පෙම් කවි, පෙම් කතා ලිවීමට වුවද මෙරට විකල්ප පුස්සන්ට කිසිදු බැරිකමක් නැත. රනිල් වික්‍රමසිංහගේ විකල්ප වාමාංශික බලු රෑන වනාහී දේශපාලන වශයෙන් ඒ සා දූෂිත, නිවට සමාජ වෛරක්කාරයන් පිරිසකි. කාගේ හෝ මිනීකඳු, ලේ ගංගා මතින් වුවද තමන්ගේ සිංහල බෞද්ධ වෛරය පිරිමසා ගැනීම තරම් සතුටක් මේ නොමිනිස් සමූහයට තවත් නැත. ඒ අතින් ගත් කළ නෝර්වේ මාධ්‍යවේදීන්ටත් වඩා දරුණු බොරුකාරයන් රාශියක් ශ්‍රී ලංකාවේ අප අතරම ජීවත් වෙති.

ඉසුරු ප්‍රසංග



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More