දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක වනු ඇති.

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් හදිසි නිතිය රෙගුලාසී යටතේ ගැසට් කිරීමට රජය තීරණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ ප්‍රකාශ කළේය.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම මෙහි අරමුණයි.

මහජන ආරක්ෂක පනත පැනවීමෙන් පසු එය අදාළ කාලය තුළ රටේ පවතින අනෙකුත් නීති සහ රෙගුලාසීවලට ඉහළින් බලපැවැත් වේ.

මෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රදවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More