දේශීය පුවත්

පුද්ගලයන් 290 දෙනකුට මරු කැඳවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව එල්ල කරනු ලැබුවේ තවුෆික් ජමාඞ් නමැති අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදී කණ්ඩායම විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම අන්තවාදී කල්ලිය අයි. එස්. අයි. එස්. සමග සම්බන්ධයි බවත්, දිවිනසා ගත් 7 දෙනාම කල්ලියේ ප‍්‍රබලයෝ බවත්, මාවනැල්ලේ බුදු පිළිම කැඩුවේද මොවුන් බවටත් අනාවරණය වී තිබේ.

මෙම සංවිධානාත්මක කල්ලිය මෙහෙයවන්නේ සහජාන් හෂීම් නමැත්තා විසින් බවත් මෙම පුද්ගලයන් සමඟ නියෝජ්‍ය නායකයන් හත් දෙනකුගෙන් සමන්විත පිරිසක් ප‍්‍රහාර මාලාව මෙහෙයවා ඇති බවත් ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලින් හෙළි වී තිබේ.

කොළඹ කොච්චිකඬේ දේවස්ථානය, මීගමුව කටුනේරිය දේවස්ථානය, ෂැංගි‍්‍රලා හෝටලය, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලය, කිංග්ස්බරි හෝටලය, මඩකලපුව දේවස්ථානය සහ දෙහිවල ලැඟුම්හල තුළදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කර සිය දිවි හානි කර ගත් ත‍්‍රස්තවාදීන් හත් දෙනාම තවුෆික් ජමාඞ් ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රබලයන් බව හඳුනා ගෙන ඇත.

මෙම ත‍්‍රස්තවාදීන් හත් දෙනාම පදිංචි ස්ථාන ඔවුන්ගේ අනන්‍යතාව මේ වනවිට හඳුනා ගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වල ඥාතීහු මෙන්ම සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයෝ ද මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටිති.

මීට මාස කීපයකට උඩදී මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථානවල බුදු පිළිම කඩා විනාශ කර දැමුවේ ද මෙම තවුෆික් ජමාඞ් කල්ලියේ සාමාජිකයන් විසින් බව පොලිසිය පවසයි.

මෙම සංවිධානාත්මක කල්ලිය රට පුරා දැවැන්ත විනාශයක් කිරීම සඳහා රැගෙන ආ සී 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් හයසීයකට අධික ප‍්‍රමාණයක් පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල්වත්තක වළ දමා තිබියදී ඉකුත් ජනවාරි මස 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හොයා ගෙන තිබිණි.

මෙම විමර්ශනයේදී හෙළි වී තිබුණේ තවත් අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් මෙම සංවිධානාත්මක කල්ලිය විසින් ගෙනැවිත් වෙනත් ස්ථානයක සඟවා තිබෙන බවයි. එහෙත් එම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට පොලිසිය සමත් නොවූ බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

දේවස්ථාන 3, ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන නවයකදී පෙරේදා එල්ල වූ දැවැන්ත ප‍්‍රහාර සඳහා යොදා ගන්නට ඇත්තේ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය බවට සැක පහළ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More