ලාංකිකයින් සහ විදේශිකයන් 291 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය (21) දින මෙරට පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් IS අන්තවාදී සංවිධානය සිය සතුට පළ කරමින් සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමරා ඇති බවට ඩෙලි මේල් වෙබ් අඩවිය සඳහන් කරයි.
IS ත්‍රස්තවාදීන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල අන්තර්ජාල ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන SITE නම් බුද්ධි අංශය විසින් මෙම තොරතුරු හෙළිකර කර ගෙන තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ මිට මාසයකට පමණ ඉහතදී ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට සිදුවූ වෙඩි තැබීමට පළි ගැනීමක් ලෙස ඔවුන් එය හඳුන්වන බවය.
සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට අදාළ ජයාරූප හුවමාරුකර ගනිමින් ඔවුන් මෙම ප්‍රහාරය නිසා ඉතා ප්‍රීතියට පත්ව සිටින බව දක්වමින් පණිවිඩ හුවමාරු කරගෙන තිබු බව මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන SITE නම් අන්තර්ජාල බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා Rita Katz සඳහන් කරයි.
මෙම ප්‍රහාරයන් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගේ ආත්මයන් අල්ලා දෙවියන් විසින් පිළිගන්නා ලෙස ඉල්ලා තමන් යදින බවටද ඇතැම් අන්තවාදීන් විසින් පණිවිඩ හුවමාරු කරගෙන තිබෙන බවද ඇය සදහන්කර සිටිති .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...