දේශීය පුවත්

කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවීමට ගනු ලැබූ තීරණය පිළිබඳව ද පක්ෂ නායකයන් දැණුවත් කර තිබේ.

ඒ අනුව හෙට (23) ප.ව 01.00 සිට ප.ව02.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වී සාකච්ඡා කිරීමටත් එහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පවතින තත්ත්වය අළලා විශේෂ ප්‍රකාශයන් සිදුකිරීමටත් තීරණය කෙරුණු බව කතානායක මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) අද 22 පස්වරුවෙහි කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී පැවැත්විණි.

අද දින පක්ෂ නායක රැස්වීම හමුවට පොලිස්පතිවරයාවද කැඳවා තිබූ අතර ‍මේවනවිට පවතින තත්වය පිළිබඳව දීර්ඝ ලෙස කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයන් විසින් කරුණ විමසා සිටින ලද අතර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග සඳහා පූර්ණ ලෙස අවධානය යොමු කරන ලෙසට ද උපදෙස් දෙන ලදි.

මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ හදිසි රැස්වීමක් ද අද පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට එහි සාමාජිකයන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා,ජෝන් අමරතුංග, රවුෆ් හකීම්, අබ්දුල් හලීම්, මනෝ ගනේෂන්, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මැති ඇමතිවරු එක්ව සිටියහ.

මෙහිදී කථානායකවරයා අවධාරණය කරන ලද්දේ ඇතිවූ සිද්ධීන් කිසිලෙසකින්වත් ජාතිවාදී හෝ ආගම්වාදී ස්වරූපයකින් වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතු බවයි. සියළුම සාමාජිකයෝ එම කරුණ පිළිබඳව අවධාරණය කරමින් අදහස් දැක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More