දේශීය පුවත්

රටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපගේ ආත්ම විශ්වාසය සියල්ලන්ටම ඉහළින් තිබෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ‍රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(21) දිනයේ දී දිවයින පුරා සිදුවු පිපිරීම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

මාධ්‍ය නිවේදනයයි.

ලොවපුරා කිතුණු බැතිමතුන්ට අතිශය සංවේදී දිනයක් වන පාස්කු ඉරිදාවේ ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ ත‍්‍රස්ත ක්‍රියාවන් ප‍්‍රතික්ෂේප කිරීම සහ හෙළාදැකීම ශිෂ්ට සම්පන්න සමාජයක මූලික වගකීමක් වේ. එම බියගුළු, ම්ලේච්ඡ ප‍්‍රහාර ඒවාට උරුම වූ පිළිකුලෙන් යුතුව අප විසින් බැහැර කළයුතු වේ.

මෙම අන්තවාදී ත‍්‍රස්ත ක‍්‍රියාවෙන් ජීවිත අහිමි වූ සියලූදෙනා වෙත මම මාගේ සාතිශය කණගාටුව ප‍්‍රකාශ කරන්නෙමි. එමෙන්ම, එම ප‍්‍රහාරයන්ගෙන් ඔත්පළව ප‍්‍රතිකාර ගනුලබන සියලූ දෙස්විදෙස් පුරවැසියන්ට කඩිනම් සුවය ලැබේවා යන්න සමස්ත දේශයේම පොදු ප‍්‍රාර්ථනාව වියයුතු බව ද යෝජනා කරන්නෙමි. විනාශ කරනු ලැබූ දේවස්ථාන සහ දේපළ කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය වගකීම පිළිබඳව ද මේ මොහොතේ අවධාරණය කළයුතු වේ.

තිස් වසරක කුරිරු යුද්ධයක් අවසන් කොට නිදහසේ හුස්මගත් ශ‍්‍රී ලාංකේය ජනතාවගේ හෘදස්පන්දනය මොහොතකට අත්හිටුවනු ලැබූ එම කුරිරු ප‍්‍රහාරය සීලාචාර සමාජය නැවතත්, නැවත නැවතත් සනාථ කරනු ලබන්නේ කුමන මුහුණුවරකින් හෝ දියත් කරනු ලබන ත‍්‍රස්තවාදයට සිත්පිත් නැති බව පමණි.

ලොව ප‍්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවෙනි ලෙස ශ‍්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සිහළ, දමිළ, මුස්ලිම් ප‍්‍රධාන සියලූ ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබූ ගෞරවණීය අතීතය, අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත‍්‍රවීම හරහා අප තුළ මතුව ඇත්තේ කම්පනයකි. කණගාටුවකි. වේදනාවකි. එහෙත්, එකී කණගාටුව හා වේදනාව අයෝමය ලෙස ධෛර්යයකට පරිවර්තනය කරගත යුතු මොහොතකි මේ එළඹ තිබෙන්නේ.
සියලූ ජාතීන්ට, සියලූ ආගමික ලබ්ධිකයන්ට තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් සුරක්ෂිතව ජීවත් වියහැකි ආදරණීය ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීම අද දවසේ අත්හැරිය නොහැකි අප ප‍්‍රමුඛ වගකීම වියයුතු වේ. කුමන බාධා පැමිණිය ද ඒ උතුම් අරමුණ වෙනුවෙන් ඒකාත්මික වීම මව්බිමට එරෙහි ඕනෑම බලවේගයක් පරාජය කළහැකි පහසුම මඟ බව මා අත්දැකීමෙන් ප‍්‍රත්‍යක්ෂ කොටගෙන ඇත. මව්බිමට විෂකුරු වූ සියලූ බලවේග දමනය කිරීම සඳහා යෝධ බලය හා ශක්තිය නිර්මාණය වනුයේ එමඟිනි.

රටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපි අපගේ ආත්ම විශ්වාසය සියල්ලටම ඉහළින් තිබෙන බව ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්වමු. ආගමික නායකත්වය, දේශපාලන නායකත්වය සහ සමාජ නායකත්වය ශ‍්‍රී ලාංකීය පුරවැසි සමාජයට මේ මොහොතේ ලබාදිය යුතු පරමාදර්ශය එයයි. අපි ජාතික ධජය සෙවණේ එක්සත්ව, එක්සිත්ව මව්බිම වෙනුවෙන් නැඟී සිටිමු.

ගෝඨාභය රාජපක්ෂ
2019 අප්‍රේල් 22



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More