විදේශ පුවත්

මෝදි ජනපති අමතයි

April 22, 2019 7:51 pm | Lanka Lead News

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(22) දහවල් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ දුරකතන සංවාදයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකවත්, රජය වෙනුවෙනුත් ජනාධිපතිතුමා වෙත සිය බලවත් කනගාටුව පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය මර්දනය සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම මොහොතක ලංකාවට ලබාදීමට සූදානම් බවද පවසා ඇත.

ඉන්දීය රජයත්, ජනතාවත්, ශ්‍රී ලාංකේය සහෝදර ජනතාව සහ රජය සමඟ අත්වැල් බැඳගන්නා බවද, දෙරටේ සමීප සබඳතාව සහ සුහදතාව වඩා ශක්තිමත්ව ඉදිරියට පවතින බවද කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පළ කළ නිවේදනයේ සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More