දේශීය පුවත්

කොළඹ ඇතුළු ස්ථාන 8 ක ඊයේ (21) සිදුවූ පිපිරීම් 9 සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප‍්‍රදේශ කිහිපයකින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් දසදෙනෙකු වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතැයි සඳහන්.

කොළඹ නගරය තුළ බෝම්බ පිපිරීම්වලට අදාලව සිදුකරන විමර්ශනවලදී බෝම්බකරුවන් කොළඹ නගරයට රැගෙන ආ බව කියන වෑන් රථය ඊයේ වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැණුුනි. එහි රියදුරද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

බෝම්බකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැක කෙරෙන පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාර ප‍්‍රදේශයේ ශෙරිෆ් මාවතේ නිවස සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බවද පොලීසිය වැඩිදුරටත්සදහන් කරයි.

මේ වනවිට සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ නිවස මාස 03ක කුලී පදනම මත ලබා ගෙන තිබූ බවත් ඒ, මසකට රුපියල් 40,000ක කුලී පදනම මත බවත්ය. අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය සකස් කිරීමට යොදා ගන්නා යකඩ බෝල සහ බැටරි සොයාගෙන ඇත.

මෙම නිවසේ කාන්තාවක් සහ ළමයෙකු ද සිට ඇති බවට ද තොරතුරු වාර්තා වන අතර කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේ සිදුවූ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් කුලී පදනම මත ලබා ගත් වෑන් රථයෙන් පැමිණ ඇත්තේ මෙම නිවසේ සිට බව පැවසේ. ඔවුන් එලෙස පැමිණ ඇත්තේ පෙරේදා (20) දිනයේ බව ද අනාවරණ වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More