දේශීය පුවත්

ශ‍්‍රී ලාංකේය කිතුනු බැතිමතුන් පේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උත්තානය සමරන පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතරතුර කොළඹ කොච්චිකඬේ ශාන්තආනා දෙව්මැදුර තුලත්, කටාන කටුවාපිටිය දෙව්මැදුර තුලත්, මඩකලපුව දෙව්මැදුරක් තුලත් ෂැන්ග‍්‍රිලා, සිනමන්ග‍්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි හෝටල තුළත් සිදුවූ බෝම්බ පිපිරීම් දාමය හේතුවෙන් බියටත් කනගාටුවටත් පත්ව සිටින ජනතාව සම`ග එක්වෙමින් ඔවුනට අපගේ සහෝදරාත්මක බැදීම මෙයින් පළකර සිටිමි. අදාල සිද්ධි හේතුවෙන් පුද්ගලයින් 105කට අධික සංඛ්‍යාවක් මියගොස් පුද්ගලයින් 350 කට අධික සංඛාවක් රෝහල්ගතකොට ඇතැයි මේ වන විට වාර්ථා වේ.

තිස් වසක් රටේ ජනතාව බියට පත්කළ ම්ලේච්ඡු ඛඔඔෑ ත‍්‍රස්තවාදය අවසන් කොට ගෙවුණු පසුගිය වසර 10 තුල මෙවැනි වාතාවරණයක් ඇති නොවුණු අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ඇති උනන්දුව ක‍්‍රමයෙන් අඩුවීම මෙයට හේතුවයි. මෙවැනි වාතාවරණයක් ඇතිවීම අතිශය කණගාටුදායකය. මෙවැනි සැළසුම් සහගත බෝම්බ පිපිරීම් පිළිබද කලින් තොරතුරු ලබාගත හැකිව තිබු රාජ්‍ය බුද්ධිඅංශ සාමාජිකයින් සිරගත කොට එම බුද්ධිඅංශ අඩපන කළ ආණ්ඩුව මේ විනාශයට සම්පුර්ණයෙන්ම වගකිව යුතුය. තවද මේ මොහොතේ රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසීම ආණ්ඩුවේ පුර්ණ වගකීම වන බව සිහිපත් කර සිටින අතර මෙම අපරාධ වලට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හෝ කවරකු වුවද වහාම නිතිය හමුවට ගෙන ඒමට ආණ්ඩුව ක‍්‍රියා කලයුතු බව අවධාරණය කරමි. එසේම ජාතික ආරක්ෂාවේ ඇති වැදගත්කම අවබෝධ කර ගැනීමට මෙම තත්වය හෝ අවස්ථාවක් කරගනු ඇතැයි විශ්වාස කරමි.

මෙම මිලේච්ඡු සහ බියගුළු ප‍්‍රහාර මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින අතර ප‍්‍රහාරයන්ගෙන් මියගිය අය පිළිබද අපගේ සංවේගය පලකරමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමි. තවද සියලූ ජනතාව ඉවසීමෙන් යුතුව මේ අවස්ථාවේ ක‍්‍රියාකරන ලෙස ඉල්ලා සිටින අතර ජාතියක් ලෙස කිසිදු භේදයකින් තොරව එක්ව කටයුතුකර මේ ප‍්‍රහාරයේ සුල මුල සොයා ඊට බලපෑ හේතූන් මුලිනුපුටා දැමීමට එක්වන ලෙසට සියලූ පාර්ශවයන්ට ආරාධනය කර සිටිමි.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More