දේශීය පුවත්

අද (21) පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලූවේය.

සවස 2.00 ට පමණ කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි පූජකතුමන්ලා සමග සිද්ධිය සම්බන්ධව සාකච්ඡා කළේය.

අනතුරුව මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුලූ එම දේවස්ථානයේ පූජකතුමන්ලා සහ දේශපාලන ක්‍රියාකාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

දිවයිනේ දේවස්ථාන සහ තවත් ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමෙන් සිදුව තිබෙන ජීවිත හානි හා දේපොළ හානි පිළිබඳව මෙන්ම ඉදිරියේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මීගමුවේ, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් ස්ථාන කිහිපයක අද සිදුවූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදුවූ සියලූ දෙනාටත් රජයේ කණගාටුව පළ කර සිටින බව පැවසීය.

මෙම සිද්ධීන් සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තමන් සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී ඉන්දියාවෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් ක්වරේෂි මහතා ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කරමින් පාකිස්ථානයේ කණගාටුව පළ කර සිටියේය.

මීගමුවේ, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිපිරවීම සම්බන්ධව සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන රෝස් ප්‍රනාන්දු, කිත්සිරි මංචනායක, රොයිස් විජිත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

මේ අතර උද්ගතව තිබෙන තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) දින අරලියගහ මන්දිරයේ සහ අනෙකුත් ප්‍රදේශවල පැවැත්වීමට සූදානම් කර තිබූ සියලූ වැඩසටහන් අවලංගු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More