දේශීය පුවත්

අද(21) සිදුවූ පිපිරීමේ මාලාව පිළිබඳ අසන්නට ලැබෙන ඇතැම් කරුණු සලකා බැලීමේදී අදාළ අංශ විසින් දරුණු ලෙස වගකීම් පැහැර හැරීමක් සිදුකොට ඇතැයි සැකයක් මතුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වුවද සිද්ධියෙන් වන්දි ගෙවීමට සිදුවූයේ රටේ අහිංසක ජනතාවට බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබිය දී මෙවැනි සිදුවීමක් කෙසේ සිදුවුයේ දැයි මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ හෝ මේ සිදුවු දෙය සම්බන්ධයෙන් දැඩි තීරණ ගත යුතු බවත්, වගකීමක් ගත යුතු අයට වගකීමක් ගත යුතු වනවා සේම වගකීම් පැහැර හැරිය පුද්ගලයින්ට මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

සතියකකට කලින් ආරක්ෂ අංශ දැනුවත්ව සිටියා යනුවෙන් වාර්තා වන බවත්, යම් විදියකින් මේ පිළිබඳ සිවිල් ජනතාව දැනුවත් කර තිබුණේ නම්, යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, පියා සති 3ක් පුරා කොළඹ රෝහලක සිට ඊයේ රාත්‍රීයේ පල්ලියට එහෙම යන්න එපා යනුවෙන් පැවසු බවයි.

බුද්ධි අංශයේ මේ පිළිබඳව තොරතුරු තිබී ඇති බවත්, මෙය කෙසේ සිදුවුවා දැයි හිතා ගත නොහැකි අතර, එය දරා ගත නොහැකි දුකක් බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙය දරුණු ලෙස වගකිම් පැහැර හැරීමක් ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More