අද උදෑසන සිට දිවයිනේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයින් 215 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 452 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි.
කොච්චිකඩේ දේවාස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ හෝටල් 3ක, දෙහිවල සත්ත්වෝද්‍යානය ආසන්නයේ උත්සව ශාලාවක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම් සිදුවිය.
පිපිරිම්වලින් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවන් පහත පරිදි වේ.
ජාතික රෝහල – මෘත ශරීර 74යි, තුවාලකරුවන් 261
මීගමුව රෝහල – මෘත ශරීර 104යි, තුවාලකරුවන් 100යි
කළුබෝවිල රෝහල – මෘත ශරීර 2යි, තුවාලකරුවන් 6යි
මඩකලපුව රෝහල – මෘත ශරීර 28යි, තුවාලකරුවන් 51යි
රාගම රෝහල – මෘත ශරීර 7යි, තුවාලකරුවන් 32 යි.
ගම්පහ රෝහල – තුවාලකරුවන් 2 යි.
ජාතික රෝහලේ ඇති මළ සිරුරු අතර විදේශිකයින් 35 දෙනෙකුගේ සිරුරු ද ඇති අතර ඔවුන් අමෙරිකාව, ඩෙන්මාර්කය, චීනය, ජපානය, පකිස්ථානය , මොරොක්කෝව, ඉන්දියාව සහ බංග්ලාදේශ යන රටවලට අයත් පුද්ගලයින් බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.
මේ අතර කොළඹ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ, උදෑසන සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙමටගොඩ ප්‍රදේශයෙන් නිවසක නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වීමේදී එහි සිදුවූ පිපිරීම්වලිනි.
එලෙස මියගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරික්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
මෙහිදී පිපිරීම් දෙකක් සිදුව ඇති අතර ඉන් තවත් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.
එහිදී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීති පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පිටත්ව යන පුද්ගලයින්ට අනන්‍යතාව තහවුරු කරමින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පිටත්ව යා හැකි බවයි.
එමෙන් ම උද්ගතව ඇති ත්ත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරි ස්ථාපනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, 011 2322485 අංකය ඇමතීමෙන් මහජනතාවට මෙම සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බවයි.
මීට අමතරව මෙම පිපිරීම්වලට අදාළව විදේශිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේදී විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇත.
ඒ අනුව 011 23 23 0 15 අංකය ඇමතීමෙන් විදේශිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...